Colombo Today Local News

ලාම්පුවක් පෙරළී පාඩම් කරමින් සිටි සිසුවියක් පිලිස්සී මරුට

ලාම්පුවක් දල්වා පාඩම් කරමින් 16හැවිරිදි සිසුවියක් ලාම්පුව පෙරළී පිලිස්සුම් තුවාල ලබා මියගොස් ඇතැයි පොලිසිය කියයි.

විදුලිය විසන්ධි වූ අවස්ථාවේ දී ඊයේ (2) රාත්‍රියේ මෙම සිසුවිය ලාම්පුව දල්වාගෙන සිය කාමරයේ දොර වසාගෙන පාඩම් කරමින් සිටියදී එය පෙරළී යාමෙන් මෙලෙස පිළිස්සුම් තුවාල ලබා ඇතැයි පොලිසිය සඳහන් කරයි .

සිය පියා විසින් ගෙන එන ලද පෙට්‍රල් බෝතලයක් එම කාමරයේ තිබී ඇති අතර ලාම්පුව පෙරලීමෙන් ගින්න පෙ‍ට්‍රල් වලට ඇවිලී මෙම ගින්න පැතිර ගොස් ඇති බව පොලිසිය පවසයි.

සිසුවියගේ බාල සොහොයුරා ඇයට පාඩම් කිරීමට බාධා කිරීම හේතුවෙන් සිසුවිය නිවසේ දොර වසාගෙන පාඩම් කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.

ගින්න ඇති වීමත් සමගම කාමරයේ දොර වසා තිබීම හේතුවෙන් නිවැසියන් ට ක්ෂණිකව සිසුවිය බේරා ගැනීමට නොහැකි වී ඇති අතර.නිවැසියන් දොර කඩා සිසුවිය බේරා ගන්නා අවස්ථාවේ ඇය දැඩි ලෙස පිළිස්සුම් තුවාල ලබා සිටි බව පොලිසිය වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

මැති ඇමැතීන් පිරිසක් ළඟදීම ඒකාබද්ධයට – විජයදාස ශ්‍රීලනිපයට?

colombotoday

නැගෙනහිරදී ජාතියේ අභිමානය පාපිස්නාවට වැටෙයි!

colombotoday

නිරෝධායන නීති නොතකා පවත්වාගෙන ගිය සම්භාහන මධ්‍යස්ථානයක් වටලයි

colombotoday

‘මහබැංකුව කොල්ලකෑ අර්ජුන්ගේ කනේ මයිලක් ගලවා පෙන්වන්න‘ – රන්ජන්ට අභියෝගයක්

colombotoday

විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචියට ඇති බාධා ඉවතට

Admin

අනුරාධපුර ගම්මානයකට සංචරණ සීමා

colombotoday