Colombo Today Local News

ළමයි ලවා කැටවලට එකතු කරපු සල්ලිවලින් ශිෂ්‍ය නායකයෝ මෝටර් බයිසිකල් අරන්…

ශිෂ්‍ය නායකයන් යැයි කියාගන්නා පිරිස් ශිෂ්‍ය අයිතීන් ලබා ගැනීමට යැයි පවසමින් කරන උද්ඝෝෂණ, ප්‍රභාකරන් වසර 30ක් තිස්සේ උතුරේ කළ යුද්ධය හා සමාන බවත්, වසර 30ක් යුද්ධකොට උතුරේ ජනයාට කිසිවක් ලබා නොදුන් ප්‍රභාකරන් මෙන්ම මේ ශිෂ්‍ය නායකයන්ද උද්ඝෝෂණ පිට උද්ඝෝෂණ කොට ශිෂ්‍යයන් වෙනුවෙන් තඹ සතයක හෝ දෙයක් ලබාදීමට සමත් වී නැතැයි උසස් අධ්‍යාපන ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.

ඇමැතිවරයා මේ බව පැවසුවේ පසුගියදා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඇමැතිවරයා එහිදී මෙසේද පැවසීය.

“විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ මට ඉන්න මැර කණ්ඩායම තමයි ළහිරු වීරසේකරගේ නායකත්වයෙන් යුත් මැර කණ්ඩායම.

ලහිරු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් නෙවෙයි. විශ්වවිද්‍යාල උපාධිධාරියෙක් නෙවෙයි. මහ මඟ යන රස්තියාදුකාරයෙක්. ළමයි මහ මඟට දාලා, ළමයි ඇපයට තියලා මුදල් උපයන පුද්ගලයෙක්.

ප්‍රශ්න තියෙනව නම් පීිඨාධිපතිවරුන් එක්ක කතා කරලා විශ්වවිද්‍යාලය ඇතුළෙ ප්‍රශ්න විසඳගන්න ඕන. එහෙමත් නැත්නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ඉන්නවා. ලේකම් ඉන්නවා. ඒ අයව සම්බන්ධ කරගෙන ගැටලු නිරාකරණය කරගත යුතුයි. එහෙමත් බැරි නම් මම ඉන්නවා.

අපට ඇවිත් කිව්වොත් අපි ඕනෑම ප්‍රශ්නයකට විසඳුම් දෙනවා. නමුත් මහ පාරෙ තියෙන ප්‍රශ්න අපි දන්නෑ. මහ පාරට ගිහින් අපට ප්‍රශ්න විසඳන්න බැහැ.

දැනටමත් ළහිරු වීරසේකරට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ අපරාධ නඩු 16ක් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය වැඩිවුණාම තියෙන ප්‍රශ්නයක් තමයි මේ වෙලා තියෙන්නෙ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායමක් මට මුණගැහුණා. මොවුන් මේ කරන්නේ අහිංසක ළමයින්ව ටවුන්වලට යවලා කැට එකතු කරනවා. ඒ කැට ටික කඩලා අලුතින් මෝටර් බයිසිකල් ගන්නවා. ඒවායින් රත්රන් චේන් අරගෙන දාගන්නවා. කොන්ත්‍රාත්තුව කාගෙ වුණත් ඒකෙන් ලොකු ලාභයක් නම් උපයනවා.

රුහුණ විශ්වවිද්‍යාලයේ රවින්ද්‍රනාත් තාගෝර් ගොඩනැඟිල්ල විවෘත කිරීම සම්බන්ධව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ලිපියක් යොමුකරමින් ළහිරු වීරසේකර කියන පුද්ගලයා ශිෂ්‍ය නායකයෙක් ලෙස කියා ගනිමින් කරලා තියෙන්නෙ ඉතාමත් නින්දිත තුච්ඡ ක්‍රියාවක්. දෙරට අතර තියෙන මිත්‍රශීලීි භාවය නිසා රුපියල් කෝටි ගාණක් වැයකරලා ඉදිකරපු ඒ ගොඩනැඟිල්ල විවෘත කිරීම සම්බන්ධව ළහිරු වීරසේකර කළේ රටේ තියෙන කීර්තිනාමයට කැළැලක්. ඒ දෙයින්ම හිතන්න තියෙන්නෙ මේ වගේ උදවියද ළමයින්ගෙ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න කතා කරන්නෙ කියන එක.

වසරකට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් 1000ක් නෙරපලා දමන ඔහු තමයි අද නිදහස් අධ්‍යාපනයේ ආරක්ෂකයා බවට පෙනී සිටින්න යන්නේ.

විශ්වවිද්‍යාලය ඇතුළේ තමයි අද පාතාලය තියෙන්නේ. මේ උදවිය මොන විදියට කිව්වත් ලෝකෙ මොන රටේද පළමුවැනි පන්තියෙ ඉඳන් 13 වැනි පන්තිය දක්වා නිදහස් අධ්‍යාපනය තියෙන්නේ. එතැන ඉඳලා උපාධිය දක්වා නොමිලේ උගන්වනවා. මහ පොළෙන් රුපියල් 5000ක් දෙනවා වියදමට.

අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුට වසරකට රුපියල් ලක්ෂ 6 සිට 30 දක්වා වියදම් කරනවා. ඒකෙන් ප්‍රයෝජන ගන්නෙ නැතිව තමයි ඔය මහ පාරවල් දිගේ මිනිස්සුන්ට හිරිහැර කර කර ජන ජීවිතය අවුල් වෙන විදියට කටයුතු කරමින් හැසිරෙන්නෙ.

මව්බිම

Related posts

TNL අත නාරී.. ජනපතිට පන්න පන්නා බැට දෙයි (Video)

colombotoday

ජනපතිගේ ගමේ පොදු වැසිකිලියේ දිවි ගෙවන අසරණ පවුලක්

colombotoday

මාස 10ට සමාජ මාධ්‍ය අවභාවිත කිරීමේ සිද්ධි 12,000ක්

Admin

මහ කන්නයේ වගා හානි වූ ගොවීන්ට වන්දි ලබන සතියේ සිට

colombotoday

නව ජනාධිපති ලේකම් ඔස්ටීන් ප්‍රනාන්දු !

colombotoday

ජනපතිගෙන් සමාව ගනු ! අගමැති මරික්කාර්ගේ කණ පැලෙන්නම දෙයි

colombotoday