Covid 19

කුරුවිට බන්ධනාගාරයෙන් කොවිඩ් රෝගීන් 64ක්

කුරුවිට බන්‍ධනාගාරයෙන් අද දහවල් වනවිට කෝවිඞ් 19 ආසාදිත බව තහවුරුවූ රැඳවියන් ගණන 64ක් වූ බව කෝවිඞ් මර්දන කමිටුව පවසයි.

කුරුවිට බන්‍ධනාගරයෙන් අදට පෙර වාර්තාවූ කොවිඞ් ආසාදිත සිරකරුවන් 35 දෙනා ප‍්‍රතිකාර සඳහා යාපනය අයියකච්චි ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට යවා ඇති බව කුරුවිට සහකාර බන්‍ධනාගාර අධිකාරී ධම්මික දසනායක මහතා පැවසුවේය.

ගෙවුනු සතියක කාලයතුල කළ පිසීආර් පරීක්‍ෂණවලදි 16ක් ද ඉන්පසුව කළ පීසී පරීක්‍ෂණයෙන් 19ක් ද මෙලෙස කෝවිඞ් ආසාදිත බව තහවුරුවීමෙන් පසු ප‍්‍රතිකාර සඳහා වුන් අයියකච්චි ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට යොමුකර ඇති බව ද සහකාර බන්‍ධනාගාර අධිකාරීවරයා පැවසුවේය.

Related posts

ශ්‍රී ලංකාවේ 6 වැනි කොරෝනා මරණයත් දෙහිවල ප්‍රදේශයෙන්

colombotoday

කොරෝනා ආසාදිතයින් තවත් ඉහලට

colombotoday

කලාකරුවන්ට කොවිඩ් එන්නත කඩිනමින් ලබා දෙන්නැයි ඉල්ලීමක්

colombotoday

ශ්‍රී ලංකාවේ 10 වන කොරෝනා මරණය වාර්තා වේ.

colombotoday

වයිරසය ආසාදනය වූ අයෙකුගේ පවුලේ සාමාජිකයන්ටත් කොරෝනා

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 2,123ක්

colombotoday