Colombo Today Local NewsHot News

සෙම්බුවත්ත වැවට අලුත් ඉතිහාසයක් පටබදියි.. නබිතුමා රන් සෙම්බුවකින් නාපු වැවලු… ශුද්ධ වූ ජලය නෑමට අරාබි ජාතිකයන් බුරුතු පිටින් එයි…

සෙම්බු­වත්ත යනු මාතලේ ඇල්ක­ඩුව තේ වතු යායේ ඇතු­ළත, ඉහළ කඳු පන්තියේ ඇති කුඩා ගම්මා­න­යකි. එහි කඳු පන්ති­ව­ලින් ගලා එන (දිය කඳු­රු­ව­ලින් ගලන) දිය පාර­වල වැව් බැඳ හරස් කොට ‘සෙම්බු­වත්ත’ නම් කුඩා වැවක් ඉදි කොට ඇත. ඇල්ක­ඩුව තේ කම්හ­ලට අවශ්‍ය විදු­ලිය ද, බලය ද ලබා ගැන‍ී­මට එම ජලය, නළ මාර්ග­යෙන් උප­යෝගි කර ගැනී­මට, යන්ත්‍ර – සූත්‍ර ක්‍රියා කර­වී­මට එකල සුදු වතු පාල­ක­යින් ක්‍රියා කොට ඇත.

අද තේ කම්හල අක්‍රිය තත්ත්වයේ පව­තින අතර, එය අතීත නට­බුන් ලෙසින් ඒ කඳු­ක­රයේ ශේෂ වී පවතී.

සුන්දර සෙම්බු­වත්ත වැව පිහි­ටියේ එම දැවැන්ත නට­බුන් ගොඩ­නැ­ඟි­ල්ලට කිලෝ මීට­ර­යක් දෙකක් ඉහ­ළින් වූ කඳු­ක­රයේ ය. සැබැ­වින් ම වැව මන­ස්කාන්ත දසුන් මවා­ලයි. ඉහළ කඳු පන්තී­න්ගෙන් ගලා එන සුපි­රි­සුදු සිහිල් ජල දහ­රා­වන්ගේ සුපෝ­ෂ­ණය වූ වැවෙහි නිර­තු­රුව පිටාර යන දිය කඳ තවත් කුඩා දිය ඇල්ලක ස්වරූප මවා­පායි.

අහ­සෙහි නිල ද, වලා­කුළු අළු පැහැය ද උස් තුරු මුදු­න්වල සෙව­ණැලි ද සොරා­ගෙන රඳවා ගත් ඒ නිසල ජල තලය කාගේත් මත­ක­යෙන් කිසි දින බැහැර නො යයි‍. හිරි­ගඩු පි‍ෙපන සිහි­ත­ලය, වාත­ලය කපා­ගෙන පිහි­ත­ල­යක් මෙන් සිරුර කිඳා­ගෙන බසියි. වා තලය, ජල තලය නිසා දැමුණු බවත් පෙන්වයි. හරි­යට වායු කුටි­යක සිටි­න්නක් මෙනි.

එම සොබා දම් රසය, ගුණය පැහැය, ස්වරය විඳ ගැනී­මට එහි පැමි­ණෙන රස­වත්තු, සෞන්ද­ර්ය­වා­දීහු බහුල වෙති. එබිම පුරාම සංචා­ර­ක­යින් වැහි වැහැලා ය.

මේ පිරිස් අතරේ වැඩි වශ­යෙන් ම දක්නට ලැබෙන්නේ අරාබි රට­ව­ලින් පැමි­ණෙන අරාබි පිරිස් ය. ළමුන්, කාන්තා­වන් පිරි­ව­රා­ගෙන පවුල් පිටින් අරාබි ජාති­කයෝ වැඩි වශ­යෙන් පැමි­ණෙති.

අරාබි පිරිස් සුවි­ශේෂි කොට මෙහි පැමි­ණෙන්නේ ඇයි? ඔවුන් ද සොබා සොඳුරු බව අග­යන තවත් මනුෂ්‍ය කොට්ඨා­ස­යකි. එසේ වුව ද, ඔවුන්ගේ ආග­ම­නයේ ඇත්තේ කිසි­යම් වන්ද­නා­වෙක ස්වරූ­ප­යකි.

ඒ ගැන ඔවුන් පව­සන්නේ මෙසේ ය. ශුද්ධ ව‍ූ නබි­තුමා එම යුග­යේදී මෙම දිව­යිනේ සංචා­රය කර ඇත. එහිදී මෙම කඳු­ක­රයේ පා ගම­නින් සංචා­රය කර තිබේ.

එතුමෝ කඳු­ක­රයේ කුඩා දිය කඳු­රක, දිය රැඳි ස්ථාන­ය­කදී ස්නානය සඳහා සූදා­නම් වූහ. එහිදී දේව අනු­හ­සින් එම ස්ථාන­යෙන් රන් සෙම්බු­වක් මතු විය. එය උප­යෝගී කර­ගෙන දිය නා සෙම්බුව යළිත් දිය යට දමා නබි තුමෝ එතැ­නින් පිටත් වූහ. මේ එක් බැති­ම­තුන් පිරි­ස­කගේ අද­හස ය. තවත් පිරි­සක් පව­සන්නේ වෙනස් අද­හ­සකි. නබි­තු­මාට සෙම්බුව හමුවී ඇත්තේ පහ­ළින් ඇති හුන්නස් (පෝල්ස්) දිය ඇල්ලෙන්. මෙලෙස හමුවූ සෙම්බුව රැගෙන ගොස් ස්නානාය කර තිබේ.

එම ශුද්ධ වූ ජලය ඇති ස්ථාන සොයා ඔවුන් වාර්ෂි­කව දරු­වන්, බිරි­ඳන් සමඟ පැමිණ එම ශුද්ධ ජල­යෙන් මුහුණ දෝව­ණය කිරීම හෝ තම ආග­මික යුතු­කම බව ඔවුහු පව­සති. සෙම්බු­ව­ත්තට පැමි­ණෙන අරාබි වන්ද­නා­ක­රු­වන් ඇතුළු මුස්ලිම් ජාති­ක­යන් සෙම්බු­වත්ත වැව අසල තනා ඇති දිය තටා­ක­යේද හුන්නස් දිය ඇල්ල අසල තටා­කයේ ද ශුද්ධ ජලය ස්නානය කරන්නේ අල්ලාහ් දෙවි­ඳුන්ට ප්‍රශංසා කර­මිනි. අතී­තය සම­ර­මිනි. දැන් මෙම ස්ථාන අරා­බින් මෙන්ම මෙරට මුස­ල්මා­නු­ව­න්ගෙන් පිරී ඉතිරී යමින් පවතී. සෑම වස­ර­කම ඊද් – උල් අල්හා සැම­රුම් දින වක­වා­නු­වල එය සැම­රීම් සඳහා සිරි­ලක සංචා­රය කර සෙම්බු­වත්ත හුන්නස් දිය ඇළි දැක බලා­ගෙන, එහි ශුද්ධ ජලය ස්පර්ශ කොට ආපසු යෑම තම අර­මුණ බව අරාබි සංචා­ර­කයෝ පැවැ­සූහ. ඔවු­න්ගෙන් ඇතැ­මෙක් එහි ජලය කුඩා බෝත­ල­වල බහා­ගෙන සිටිනු ද දක්නට ලැබුණි.

ලොව පුරා ද, රට පුරා ද එවැනි ජන විශ්වා­ස­යන්, ඇද­හිලි, මත­යන් ඇති ස්ථාන බොහෝ ය. එහි සත්‍යා­සත්‍ය බව කෙසේ හෝ වේවා මිනිස්සු වැල නොකැඩී එම ස්ථාන කරා විවිධ අප­හ­සුතා විඳ­ගෙන ගමන් කරති.

ලංකාවේ තව­මත් වැඩි­ම­නත් ප්‍රචා­ර­යක් නැති සෙම්බු­වත්තෙ හා නබි­නා­යක තුමා සම්බන්ධ ශුද්ධ භූමිය සම්බන්ධ කතාව බොහෝ සේ ප්‍රච­ලි­තව ඇත්තේ අරා­බියේ ය. අරාබි බැති­ම­තුන් වැල නොකැඩී වන්ද­නාවේ එන්නේ ඒ පසු­බිමේ ය.

පසු­ගිය දිනෙක සෙම්බු­වත්ත ප්‍රදේ­ශයේ කළ සංචා­ර­ය­කදී අප විඳි අත්දැ­කීම මවිත කර­වන සුලුය. සෙම්බු­ව­ත්තට හැරෙන දුර්ග මඟ දක්වා කිලෝ­මී­ටර් පහ­කට වැඩි වාහන පෝලි­මකි. මේ පැමි­ණෙන සංචා­ර­ක­ය­න්ගෙන් සිය­යට හැත්තෑ­ව­කට වඩා අරාබි ජාති­කයෝ ය.

සෙම්බු­ව­ත්තට යන දුර්ග මගේ වතු­යා­යට යන්නට මින් පෙර ත්‍රි‍රෝද රථ­යක් සඳහා අය කළ මුදල රුපි­යල් 750 ත් 1000 ත් අත­රය. මේ වන විට එහි මිල ගණන් ඉහළ ගොස් ය. විදේ­ශි­ක­යෙක් එතැ­නට රැගෙන යන්නට අය කරන මිල රුපි­යල් තුන්ද­හස් පන්සි­ය­යකි. තැරැ­ව්ක­රු­වාට 1500 කි. ත්‍රිරෝද රථ රිය­දු­රාට 2000 කි.

ස්ථානයේ රථ­වා­හන පාල­නය කර­මින් පවත්වා ගන්නේ ඇල්ක­ඩුව සේව­ක­යන්ගේ නිවාස සමූ­ප­කාර සමි­තිය මඟිනි. එක් ප්‍රවේ­ශ­යක් වෙනු­වෙන් රුපි­යල් දෙසී­යකි.

ඇල්ක­ඩුව හන්දිය සංචා­රක පුර­යක සිරි ගනි­මින් ඇත. මඟ දෙපස බොහෝ නිවෙස් සංචා­ර­ක­යන් වෙනු­වෙන් වෙන් වෙමින් තිබේ. කුඩා හෝටල්, කබානා යළිත් ඉදි­වෙ­මිනි. සම­හර නවා­තැන් පළ­වල් වෙන් වී ඇත්තේ අරාබි ජාතික සංචා­ර­ක­යන් වෙනු­වෙ­න්මය. ඒ ස්ථාන­වල අරාබි කොඩි ලෙළ දෙමිනි.

සංචා­රක ව්‍යාපෘ­ති­යක් ලෙස සෙම්බු­වත්ත සාර්ථක වෙමින් ඇත. අරාබි සංචා­ර­ක­යන්ගේ පැමි­ණීමේ යම් ආර්ථික පසු­බි­මක් මේ දුගී මිනි­සුන් විෂ­යෙහි ඇති කර තිබේ. එහෙත් මේ ආග­මික විශ්වාස ඔස්සේ සිදු­වෙ­මින් ඇති භක්ති­වාදී සංචාර නියා­ම­නය වීම වැද­ගත් ය. මේ ඔස්සේ ඇති විය හැකි ව්‍යසන පිළි­බඳ ලෝක ආදර්ශ ඕනෑ තරම් තිබේ.

අස­ල්වැ­සි­යන්ට දොර විවර කළ යුත්තේ සුත­න­බු­වගේ ආර­ක්ෂාව පිළි­බඳ සහ­ති­ක­යක් තිබේ නම් පමණි.

ටෙරන්ස් වනි­ග­සිංහ

Related posts

ආර්ථිකය ගැන ජනපති කී ගණන් හිලව් හා මහබැංකු වාර්තා අතර පරස්පරයක්..

colombotoday

භූමි තෙල් වෙනුවට ලිපට පෙට්ටල් දමා පිළිස්සුනු රෝගීන් සියයට පනහකින් ඉහළට

colombotoday

ලෝක වෙළෙඳපලේ රන් මිල පහළට

colombotoday

හම්බන්තොටට ඇතුළු වූ නැව සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසයි

colombotoday

සහරාන් සහ නීතිඥ හිස්බුල්ලා මද්‍රසා පාසල් ළමුන්ට අවි පුහුණු ලබා දුන් බව හෙළිවේ

colombotoday

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි 21 අලුයම 4 තෙක් දීර්ඝ කෙරේ

colombotoday