අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද කැඳවනු ලැබූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද උදේ විදේශ ගතවී ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග කියයි.

කප්පම් ගැනීමට තරුණයන් 11දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධ නඩුවක වරෙන්තුකරුවකුට රැකවරණය දීම සම්බන්ධයෙන් ඔහු අද රහස් පොලිසියට කැඳවා තිබිණි.

අද ඔහු රහස් පොලිසියට පැමිණියේ නම් අත්අඩංගුවට ගැනීමට සිටි බව එහි ආරංචි මාර්ග කියයි.