Colombo Today Local News

බදුල්ලේ තරුණයාට පහරදුන් “හරක් මස් කඩේ නානා”ගේ පුතා ඇතුළු කල්ලිය තවමත් නිදැල්ලේ

පහරකෑමට ලක්වූ තරුණයා

ඊයේ (21) සවස චන්දිම සදුන් නමැති අවුරුදු 19ක තරුණයෙකුට බදුල්ල නගරයේ “මස්කඩ මුදලාලිගේ” පුතා විසින් පහර දීමක් සිදුකර ඇති බවට Colombo Today අප වෙබ් අඩවිය වාර්තා කර සිටියා.

පහරදීම සිදුකිරීමට මුලිකත්වය ගත් පුද්ගලයා සහ තවත් මුස්ලිම් ජාතිකයන් 14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් පහර කෑමට ලක්වූ තරුණයා සුපිරි වෙලදසැලක් ඉදිරියේදී ත්‍රිරෝද රථ දෙකකින් සහ මෝටර් සයිකලයක් යොදාගන පැහැරගන, මස්කඩයට ගෙනගොස් හරක් බැදීම සදහා යොදාගන්නා කඹයකින්, හරක් මරණ ස්ථානයේදී අතපය බැද දමා පහරදීම සිදුකල බවයි වාර්තා වන්නේ.

පහරකෑමට ලක්වූ තරුණයා මේ වනවිට බදුල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර මැර කණ්ඩායම විසින් ඔහුගේ හිසට දැඩි ලෙස පහර දී ඇත.

මේ පිලිබදව පහරකෑමට ලක්වූ තරුණයා විසින් බදුල්ල පොලිසියට පැමිණිලි කර ඇති අතර ඔහුගෙන් අද දිනයේ කට උත්තරයක් ලබාගත්තත් මේවනතුරු කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

මේ සිදුවීම හේතුවෙන් ප්‍රදේශයේ තරුණයන් තුල කිසියම් කලබලකරිත්වයක් හටගන ඇති අතර පොලිසිය පක්ෂ ග්‍රාහී ලෙස මස් අළෙවිසැලේ හිමිකරුට විශේෂ සැලකිල්ලක් දක්වන බවට චෝදනා කර සිටියි.

Related posts

සාගර ගේ ගම්මන්පිල විරෝධය ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවට ඒමේ විරෝධය මැඩ පැවැත්වීමට ගහපු ගේම් එකක් ?

colombotoday

ඉදිරි මහ කන්නයට වගා ණය නිකුත් කිරීම ඇරැඹෙයි

colombotoday

මුල­තිව් කුරු­ඳු­මලේ විහා­ර භූමියෙන් ශිලා ලිපි­යක කොට­සක් සොයා ගනියි.

colombotoday

ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ ඇතිවූයේ අද ඊයේ නොවේ.. මේ හොරකම් කරන සල්ලි යන්න ඕන පාසල්වල ක්‍රීඩකයන්ට

Admin

Video: හිංදු දැරිවියකට අතවර කිරීමට පැමිණි මුස්ලිම් ජාතිකයන් තුන් දෙනෙකුට අක්කරේපත්තුවේදී ප්‍රහාරයක්

colombotoday

හෙට නෙවෙයි, අදම ජනපති ධුරයෙන් ඉවත්වීමට සූදානම් – ජනපති කියයි (Video)

colombotoday