Colombo Today Local NewsTop Stories

මෛත්‍රී මියගියොත් ජනපති පුටුවට රනිල්… ඝාතන කුමන්ත්‍රණය කාගේදැයි එස්.බී. කියයි… ජනපතිගේ ආරක්ෂාව තර කරයි…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීම සඳහා සිදුකරන ලද කුමන්ත්‍රණය පසුපස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිටීමත් ඉතාම පැහැදිලි බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසයි.

මෙම සිදුවීමේදී ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර, ඇමැති සාගල රත්නායක හා අගමැති රනිල් වික්‍රමසිංහ හැසිරුණු ආකාරය දෙස බලද්දී අගමැති රනිල් විසින් සංවිධානය කරන කුමන්ත්‍රණයක් මේ පසුපස ඇති බව පැහැදිලිවම පෙනී යන්නේ යැයි ද ඔහු සඳහන් කරයි.

යම් හෙයකින් ජනාධිපතිවරයා මිය ගියහොත් 19 සංශෝධනය ප්‍රකාරව අගමැතිවරයාට ජනාධිපති තනතුරු දැරිය හැකි බව ද හෙතෙම කියා සිටියේ ය.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ වන විට ජනාධිපතිවරයා ගේ ආරක්ෂාව සඳහා සිටින පොලිස් නිලධාරීන් ඉවත් කර ඒ වෙනුවට යුද හමුදාව හා නාවික හමුදා සෙබළුන් යොදවමින් සිටින බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

Related posts

අධිකරණයට ඉදිරිපත් වූ දමිතා,රැට්ටා ඇතුළු 8කට ඇප

colombotoday

යුද අපරාධ විමර්ශනය වහාම ක්‍රියාත්මක කරන්න – සම්බන්ධන් බ්‍රිතාන්‍යයෙන් ඉල්ලයි

colombotoday

දුම්රිය ගාස්තුත් හොරෙන්ම වැඩි කරලා

colombotoday

අවුරුදු 12ට අඩු සංචාරකයින්ට PCR අවශ්‍ය නැහැ

colombotoday

යහපාලන TOP 10 කම්බා හොරු එළිදකි

colombotoday

මින් පසු විභාග අයදුම්පත් ඔන්ලයින් ක්‍රමයට !

colombotoday