Colombo Today Local News

ඤාණසාර හිමියන්ගේ චීවරයට අත තැබීමට දායක වූ අයට අවීචි මහා නරකාදිය හැර ගැලවීමක් නෑ – ගැටඹේ නාහිමි

මේ රටේ නායක නායිකාවන් කේ‍රා්ධයෙන් ‘වෛරයෙන් පෙළෙමින්’ රට විකුණමින් ‘සම්පත් කොල්ලකමින්’ රණවිරුවන් පාවා දෙමින් ‘මහා සංඝයාට අපහාස උපහාස කරමින් සිදු කරන මේ තත්කඩි පාලනය වහා අවසන් කිරීමට මේ රටේ ලොකු කුඩා භික්ෂු සංඝයා යළිත් ජාතියට නායකත්වය දිය යුතු කාලය එළැඹ ඇතැයි ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් පවසති.

කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන්ගේ අස්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන්ය.

අද රට තුළ බෞද්ධ භික්ෂුන් වහන්සේට මේ ආණ්ඩුව යටතේ අත්වී ඇති ඉරණම ඛේදනීයයි. අධිරාජ්‍යවාදීන්ගේ යුගයේදී පවා බෞද්ධ භික්ෂුවගේ උරුමය කැපවීම උපේක්ෂාවෙන් විඳ දරා ගත්හ. වර්තමානයේ එය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළී ඇත්තේය. අනුරපුර පොළොන්නරු යුගයන්හිදී දුටුගැමුණු වළගම්බා, විජේබා ආදී නරපති විරුවන් භික්ෂුව යුද පෙරමුණේ තබාගෙන රට ගලවා ගැනීමට සටන් දියත් කළහ. එහිදී භික්ෂුන්ට ලැබුණේ අපමණ අගයකි. 2015 ජනවාරි 8 දිනය යනු මෙරට ගිල ගැනීමට බලා සිටි දෙස්-විදෙස් ඇතැම් නරුමයන් තම අරමුණු ඉටු කරගත් දිනයකි. එදින පටන් මේ මොහොත දක්වාම මේ රටේ උරුමයේ ගෞරවනීය කොටස්කරුවන් වන ජාතියේ මුර දේවතාවුන් වහන්සේට උරුම කර දී ඇති තැන කුමක්ද? ඥානසාර හිමියන් යම් යම් දේ කියන ආකාරය නොව කියන්නේ කුමක්ද යන්න ගැන අවධානය යොමු කරන ලෙස මවිසින් වරින් වර පාලකයන්ට පුවත්පත් මඟින් මෙන්ම පෞද්ගලිකවම ද දන්වා සිටියත් ඒ කිසිවකුට ඔවුන් සවන් දුන්නේ නැත. ඥානසාර හිමියන් සිදු කළේ මෘදු ලෙස කරුණු පෙන්වා දී අවධානය යොමු නොකරන තැන තදින් කියා සිටීමයි. බුදුන් වහන්සේ මිථ්‍යාදෘෂ්ටිකයන් වෙනුවෙන් අනුගමනය කළේද මේ මඟයි.

ආලවකයා දමනය කිරීමේදී ඔහුගේ අණට සවන් දුන් උන්වහන්සේ අවසානයේ තදින් සිට ඔහු මෙල්ල කළ අන්දම බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. ඥානසාර හාමුදුරුවන්ගේ වදනින්ම කියනවා නම් පන්සලේ ඝණ්ටාරය සාමාන්‍ය ලෙස නාද කළත් හදිසි විපතකදී වේගයෙන් නාද කරනවා මෙන් මේ ගැන සවන් දීපල්ලා යනුවෙන් හඬ නැඟූ අන්දම අපි දනිමු. මේ රට සිංහල බෞද්ධ රටක්. මෙහි විවිධ ජාතීන් හා ආගමිකයන් ජීවත් වන්නේ සිංහල බෞද්ධයන්ගේ හද ගැස්ම හඳුනාගත් නිසායි. අද මේ රට කරන පාලකයෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද උල්ලංඝනය කරති. බුදු දහමට හිමි තැන වන එය පෝෂණය කොට සුරක්ෂිත කිරීමේ වගකීම ලබා දෙනවා වෙනුවට බලය යොදා සිදුකරනු ලබන්නේ භික්ෂුන් දඩයම් කිරීමයි. මේ සියල්ල බෙදුම්වාදීන්ගේ හා දෙස් විදෙස් කුමන්ත්‍රණකරුවන් යටතේ බලය ලබා ගැනීමෙන් පසු ඔවුන් සතුටු කිරීමේ ප්‍රයත්නයන් බව පැහැදිලියි. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රට ගැන කතා කොට සිරගත කළා නම් මේ රටේ දෙවැනි නායකයා ඇතුළු මහ බැංකුව කොල්ලකෑ අයට පෙර රජ දවස ලබා දුන් දෙතිස් වධ ලබාදීම සුදුසුයි.

බුද්ධ දේශනයට අනුව යම් භික්ෂුවක් විනය විරෝධීව කටයුතු කළේ නම් සිවුරු ගැලවීමට සංඝාධිකරණයකට හැර වෙන කිසිවකුගේ අවසර ලබා දී නැත. උන්වහන්සේ විනය පිටකයේදී මානව හිමිකම් සුරැකෙන පරිදි වැරැදිකරුවකුගේ චීවර ඉවත් කළයුතු අන්දම භික්ෂුන්ටම පවරා දී ඇති අතර එය කිසිදු රජකුට හෝ ඇමැතියකුට පවරා නැත.

උන්වහන්සේගේ චීවරයට අත තැබීමට දායක වූ දෙව්දත් පරපුරේ අයට අවීචිමහා නරකාදිය හැර ගැලවීමක් නැති බව පෙන්වා දීම යුතුකමකි..

Related posts

කාන්තාවක් දැරණියගල ප්‍රා.සභාපතිට දැලි පිහියකින් පහර දෙයි

colombotoday

දැන් කවුරුන් කුමක් කීවත්, මා නොසිටියානම් යුද්ධය තවත් ඉවර නෑ.. එය තමයි ඇත්ත

colombotoday

තමිල්නාඩුවේ ඥාතීන්ට උතුරෙන් යැවූ ගංවතුර ආධාර ඉන්දියාව එපා කියයි.. මුරලිගේ සංගාගේ ආධාරත් වැට උඩ

colombotoday

රිෆ්කාන් බදියුදීන් ඇතුළු දෙදෙනෙකුට එරෙහි පැමිණිල්ලට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝගය

colombotoday

බොදු බලේට ඇගිල්ල දිගුකල හෙක්ටර් අප්පුහාමිට ඥානසාර හිමිගෙන් සැර පිළිතුරක්.

colombotoday

අධ්‍යාපන ඇමතිගේ ‘ඩෙංගු ඇඳුම්‘ දැන් වෙළදපොලේ !!

colombotoday