Colombo Today Local News

රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙක් පැනගිහින්

මහර බන්ධනාගාර ගැටුමින් තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර සිටි රැඳවියෙක් රෝහලෙන් පළා ගොස් ඇතැයි රොහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

එම රැඳවියා ඊයේ (02)දින රාත්‍රි රෝහලෙන් පැනගොස් ඇති අතර රැඳවියා සොයා මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ද වාර්තා වේ.

පසුගිය 29 වන දා මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් රැඳවියන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි. එයින් රැඳවියන් 8 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (02)දින තහවුරු විය.

තුවාල ලබූ රැඳවියන්ගෙන් 38 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බව මින් පෙර හඳුනාගැනුණි.

තුවාල ලැබූ 106 දෙනෙකු අතරින් 28 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුළු තුවාලකරුවන් රෝහලෙන් පිටත් කර තිබේ.

Related posts

”ෆොන්සේකාට නීතිය දුන්නොත් වෙන්නේ මේකයි”- සුසිල්

colombotoday

ඉල්ලා අස්වෙනු ! ජනපති බදියුදීන්ට දන්වයි…

colombotoday

ගිංතොට ආරක්ෂාව තර කරයි.. ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇදිරිනීතිය !

colombotoday

බ්‍රිතාන්‍ය සමාගමක් රත්නපුරේ මැණික් ඉල්ලම් කැණීමට හොර රහසේම වැඩ අරඹයි

colombotoday

දක්ෂිණ අධිවේගයේදී රියදුරන් දෙදෙනෙක් වැට පැනල බස් දෙක මාරු කරගෙන

colombotoday

ජනපති සහ අගමැති මහ නායක හිමිවරු බැහැ දකී..

colombotoday