World

මුස්ලිම් රටවලින් පැමිණෙන ගුවන්යානා සදහා එංගලන්තයෙන් තහනමක්

මැදපෙරදිග කලාපයේ මුස්ලිම් රටවල් අටක සිට පැමිණෙන ගුවන් යානාවලට බලපැවැත්වෙන පරිදි ලැප්ටොප්, ටැබ්ලට් පරිගණක සහ ප්‍රමාණයෙන් විශාල ස්මාර්ට් ජංගම දුරකථන ගෙන ඒම තහනම් කිරීමට එංගලන්තයද තීරණය කර ඇත.

ඇමෙරිකාව මෙම තහනම ප්‍රථමයෙන් පැනවූ අතර එම නිවේදනයෙන් පසු එංගලන්තය ද රටවල් හයකට බලපැවැත්වෙන පරිදි එම තහනම පැනවීය.

ඇමෙරිකාව පවසන්නේ ගුවන් යානා ඉලක්ක කරගෙන සිදු කරන ඉස්ලාමික ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැළැක්වීමට මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි.

බුද්ධි අංශ වාර්තා අනුව මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මෙම තීරණය ගත් බවද ඇමෙරිකා බලධාරිහු කියති.

මේ අනුව මැද පෙරදිග කලාපයේ ගුවන් සේවා නවයක් සඳහා තහනම ක්‍රියාත්මක වේ.

Related posts

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ, මියගිය කොටින් සැමරීමට එරට රජය අවසර දෙයි

colombotoday

ඇෆ්ඝනිස්තානයෙන් අවසාන විදෙස් හමුදා කණ්ඩායම් ඉවත්වෙති

colombotoday

ඉන්දියාවේ 75 වන නිදහස සමරමින් අගමැති වෙඩි නොවදින පීඨිකාවක සිට ජාතිය අමතයි

colombotoday

බාමියන් පිළිම විනාශ කෙරූ තබ්ලිග් මතධාරී තලේබාන් ත්‍රස්තයින් මෙවර බුදුපිළිම කඩන්නේ නෑලු. ලංකාවේ පුවත්පතකට “වැදි බණ” කියලා.

colombotoday

ඉන්දියාව Tik Tok තහනම් කරයි.. චීනයට අමෙරිකානු ඩොලර් බිලියන 6ක පාඩුවක්

colombotoday

ඊයේ ඉහළ ගිය බොරතෙල් මිල පහළට

Admin