Colombo Today Local News

මාවනැල්ලේ බුදුපිළිම කැඩීම: සැකකරුවෝ 14ක් නිදහස්

මාවනැල්ල සහ අවට බුදු පිළිමවලට හානි කළැයි කියන සිද්ධියට අදාළව වසර තුනකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 14 දෙනෙකු නිතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව නිදහස් කරන ලෙස මාවනැල්ල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළේය.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් මින් ඉදිරියට නිති මගින් කටයුතු කිරීමට අදහසක් නොමැති බැවින් ඔවුන් නිදහස් කළ හැකි බවට නිතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නිතීඥ ප්‍රියන්ත නාවන මහතාගේ අත්සනින් යුත් උපදෙස් ප්‍රකාරව මෙම සැකකරුවන් 14 දෙනා නිදහස් කිරීමට අධිකරණය එලෙස නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් 46 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන තෙක් ඔවුන් රක්ෂිත භාරයේ රදවා සිටි බවත්, මෙම සැකකරුවන් අතරින් ප්‍රධාන සැකකරුවන් 16 දෙනකු සම්බන්ධයෙන් නිතිපතිවරයා අධිචෝදනා ගොනුකර ඇති අතර තවත් සැකකරුවන් 10 දෙනකු සම්බන්ධයෙන් විමර්ශන අවසන්ව නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව විමර්ශන අවසන් නොවුණු සැකකරුවන් මහාධිකරණ ලද ඇප නියෝගයට අනුව එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත සැකකරුවන් 07 දෙනකුට ඇප නියම කිරීම ද අධිකරණය මගින් සිදුවිණී. තවත් සැකකරුවන් තිදෙනකු තවදුරටත් රක්ෂිත භාරයේ තැබීමට අධිකරණය නියෝග කර ඇත.

Related posts

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ, සභාපති ධුරය සරත් වීරසේකරට

Admin

පොළොන්නරුව ඉරිතලයි.. දරුණු නියගයක්.. වතුරත් නෑ.. රජරට පීඨ 3ක් වසා දැමේ

colombotoday

හම්බන්තොට වරායේ දූපතේ අයිතිය චීනය ඉල්ලයි… දුන්නැත්තම් ඉතිරි වාරිකය නොදෙන බව කියයි

colombotoday

රදගුරු සංගමයට පාස්කු කොමිෂන් වාර්තාව දැන් හොදයිලු

colombotoday

විමල්ගේ වරෙන්තුව ආපසු කැඳවයි

Admin

වාලම්පුරි 02 ක් විකිණීමට සන්තකයේ තබාගත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

colombotoday