Covid 19

දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවක පිරිසකටත් කොවිඩ්

දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවය කරනු ලබන සේවක පිරිස් හට කොවිඩ් -19 රෝගය වැළදීම නිසා ඇතැම් ප්‍රදේශවල දුම්රිය මාර්ගවල දෛනික නඩත්තු කටයුතු සිදුකිරීම පිළිබඳව මේ වනවිට ගැටලුකාරී තත්ත්වයක් හටගෙන ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා සඳහන් කරයි.

අඛණ්ඩව ධාවනය පවත්වාගන යාම සඳහාත්, දුම්රිය මගීන්ගේ, සේවකයන්ගේ, දුම්රිය මාර්ගයේ සහ ධාවන ඇණියේ සුරක්ෂිත භාවය සඳහාත් මේ වනවිට එම ප්‍රදේශවල දුම්රිය ධාවන වේගය පැයට කිලෝමීටර් 30 සහ ඊට අඩු මට්ටමක පවත්වාගෙන යාමට දුම්රිය දේපාර්තමේන්තුව තීරණය කර ඇති බවද ඔහු සඳහන් කළේය. මෙම හේතුව මත බොහෝ දුම්රිය ප්‍රමාදවීම් සහිතව ධාවනය කෙරෙන බවත් කසුන් චාමර ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

යුක්‍රේන සංචාරකයින් රැගෙන ගිය සෆාරි ජීප් රියදුරන් නිරෝධායනයට

colombotoday

තවත් කොරෝනා මරණ 121 ක්

colombotoday

පිළියන්දල මාළු ව්‍යාපාරිකයෙකුටත් කොරෝනා

colombotoday

මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයෙන් ඊයේ හමුවූ කොවිඩ් ආසාදිතයින්ගේ තොරතුරු

colombotoday

ඊයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

colombotoday

ලංකාවේන් හමුවූ දෙවන කොරෝනා ආසාධිතයාටත් සුවයි !

colombotoday