Colombo Today Local News

ජෝන් කැඩූ ජොගිං පාත්, ජනතා මුදලින් නැවත හදයි.. කොන්ත්‍රාත්තුව නාගරික සංවර්ධන අධිකාරියෙන් පුද්ගලික සමාගමකට

jhon bas 23

සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ අනුදැනුම ඇතිව කඩා දැමුවේ යැයි චෝදනා එල්ල වන වත්තල මාබෝල, කළු ඇල ඇවිදින මංතීරුව නැවත තිබූ අයුරින් සැකසීම ඊයේ 5 දා සිට ආරම්භ කර ඇත.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙහි ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව පෞද්ගලික සමාගමකට ලබා දී ඇති අතර ඒ සදහා රුපියල් මිලියන 80ක මුදලක් වැයවන බවද වාර්තා වේ.

මෙම ඇවිදින මංතීරුව කඩා දැමීමට එරෙහිව මහජනතාවගෙන් එල්ලවූ දැඩි විරෝධය හේතුවෙන් මෙම මංතීරුව නැවත ඉදිකිරීමට කටයුතු කර ඇති අතර මෙය කඩා දැමීම පිටුපස අදාළ ඇමතිවරයා සම්බන්ධවූ අතයට ගණුදෙණුවක් ඇති බවද ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

විශාල මුදලක්‌ වැය කරමින් මහජනතාවගේ ශරීර සුවතාව වෙනුවෙන් ඉදිකර තිබූ මෙම මං තීරුව කඩා ඉවත් කිරීමෙන් විනාශ වූ මහජන මුදල් මෙන්ම එය නැවත ඉදිකිරීමට වැයවන මුදල්වලට වගකිවයුත්තේ කවුරුන්දැයි මහජනතාව ප්‍රශ්න කර සිටිති.

Related posts

කාබනික පොහොර ගැන කින්න යුද හමුදාවත් එක්වෙයි

colombotoday

මන්දකට හසු වී සිටිය දී මුදවාගත් කඳුකර කොටියා මිය යයි

colombotoday

සෝභිත හිමි ඇරඹූ සාධාරණ සමාජය ජවිපෙ 20ට අත උස්සයි…

colombotoday

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වේ

colombotoday

පිරවුම්හලකදී පොලිස් රාජකාරියට බධා කළ තරුණයෙක් අත්අඩංගුවට

colombotoday

කොරෝනා වයිරසයෙන් 10 දෙනෙකු මියගොස් ඇතැයි ෆේස්බුක් දැමු පුද්ගලයෙකු රිමාන්ඩ්

colombotoday