Colombo Today Local News

හර්තාල් ව්‍යාපාරය සාමකාමීව පවත්වන්න – පොලිස් මූලස්ථානයෙන් දැනුම් දීමක්

වෘත්තිය සමිති, ශිෂ්‍ය ව්‍යාපාර වලට අයත් කණ්ඩායම් සහ අනිකුත් සංවිධාන විසිින් අද (6)දින ක්‍රියාත්මක කර ඇති හර්තාල් ව්‍යාපාරය සාමකාමීව පවත්වන ලෙසට පොලිස් මූලස්ථානය මහජනයා වෙත දැනුම් දෙයි.

මෙම හර්තාල් ව්‍යාපාරයට සම්බන්ධ වීමට අකමැති පිරිස වලට තර්ජනය කර ඔවුන්ට ඒ සඳහා බලහත්කාරයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කිරීම,මෙම කාලය තුළ ව්‍යාපාරික ස්ථාන විවෘත නොකරන ලෙසට තර්ජනය කිරීම ආදී කරුණු බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

එවැනි කටයුතු වල නිරත පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද පොලිස් මූලස්ථානය කියයි.

ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ලබාදී ඇති අයිතියට පොලිසිය විසින් ගරු කරන බවත්,එම අයිතියට මුවාවී අන් අයගේ අයිතිය යටපත් කරමින් කටයුතු නොකරන්නැයි පොලිිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

විශ්ව විද්‍යාලය සිසුවෙක් නේවාසිකාගාරයේ තෙවැනි මහලෙන් බිමට

Admin

වැලිකඩ ගිය තිළිණි ළග දුරකථනයක්

colombotoday

රට පුරා හොර දොස්තරවරු 40,000කට වැඩියෙන් බෙහෙත් දෙනවා

Admin

සේරුවාවිල රත්තරන් ගවේෂණයට ඇමෙයිකා සමාගමට බලපත‍්‍රයක් දුන්නා | භූ විද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශය

colombotoday

නාගරික සංවර්ධන අධිකාරියේ නිවාස ඩොලර් වලට අලෙවි කරයි

colombotoday

කවුරුන් කොහොම කීවත් රජුන් තනන්නා මමයි !

colombotoday