Colombo Today Sports News

මැතිව්ස් ආපසු ගෙදර එයි

නැවත වතාවක් පාදයේ කලව පිටුපස මස්පිඬුවේ ආබාධයට ලක්වීම නිසා බංග්ලාදේශ සංචාරය අතර මග නවතා ආපසු සියරට පැමිණීමට ඇන්ජලෝ මැතිව්ස්ට සිදුවී තිබේ. බංග්ලාදේශයෙන් ලැබෙන ආරංචි මාර්ග වලින් කියැවෙන්නේ තුන්කොන් තරගාවලියේ ඉදිරි තරග වලදී දිනේෂ් චන්දිමාල් නායකත්වයට පත්වීමට ඉඩ ඇති බවයි. 

සීමිත ඕවර තරග සඳහා ශ්‍රී ලංකා පිලේ නායකත්වය වෙනස් කිරීමේදී ඇන්ජලෝ මැතිව්ස් මෙන්ම දිනේෂ් චන්දිමාල්ගේත් නම් ඒ සඳහා සාකච්ඡාවට බඳුන් වී තිබිණ. අවසානයේදී සීමිත ඕවර තරග වලදී නායකත්වය මැතිව්ස්ට පැවරීමට තීරණය වූ නමුත් එතෙක් එක්දින කණ්ඩායමෙන් ඉවත්ව සිටි දිනේෂ් චන්දිමාල් නැවත වරක් එක්දින කණ්ඩායමට එක්කර ගැනිණ.

එක්දින තරග සඳහා ප්‍රමාණවත් නොවන පිතිකරුවකු ලෙසින් හඳුන්වන ලද චන්දිමාල් නැවතත් එක්දින කණ්ඩායමට එක්වීමෙන් පසුව මුහුණ දුන් පළමු තරගයේදීම පන්දු 33 කින් ලකුණු 34 ක් ලබාගත්තේ හතරේ පහර 3 ක් සහ හයේ පහරක්ද සිය ඉනිමට ඇතුළත් කරමිනි.

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර හෙට පැවැත්වීමට නියමිත තරගය වෙනුවෙන් අද පැවැති පුහුණු සැසියට මැතිව්ස් සහභාගි නොවීය. පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සහ දිනේෂ් චන්දිමාල් හෙට තරගය සම්බන්ධයෙන් සැලසුම් සකස් කරමින් සිටියහ.

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පැවැති තරගයේදී සිම්බාබ්වේ පිල හමුවේ පරාජය වූ අතර බංග්ලාදේශය පළමු තරගයේදීම ජයග්‍රහණය කළේ සිම්බාබ්වේ පිල පරදවමිනි. ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු තිලාන් සමරවීර මහතා කීවේ සිම්බාබ්වේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම හැකියාවේ තරමට ක්‍රීඩා නොකළ නමුත් ඉලක්කය අබියසටම ගිය බවයි.

“මෙතන තියෙන හොඳ දේ තමයි අපට තවත් තරග 3 ක් ඉතිරිවෙලා තියෙන එක”

“සිම්බාබ්වේ පිලට හමුවේ අපේ නියම දස්කම් දැකගන්න ලැබුණේ නෑ. ඒත් අපි ඉලක්කය ආසන්නයටම ආවා. අපේ නියම දස්කම් වලට ක්‍රීඩා කළොත් හෙට අපට හොඳ තරගයක් කරන්න පුළුවන් වේවි” යයි තිලාන් සමරවීර මහතා ඩකාහි වාර්තාකරුවන්ට පැවසීය.

කෙසේ වෙතත් පළමු තරගයේදී ලද පරාජය සම්බන්ධයෙන් සමරවීර මහතා එතරම් විස්සෝප නොවෙයි.
“මේ වගේ තුන්කොන් තරගාවලියකදී ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒත් වැදගත් දේ වෙන්නේ ඒවායින් පාඩමක් ඉගෙන ගෙන ඉදිරියට යාමයි” යයිද සමරවීර මහතා වාර්තාකරුවන්ට පැවසීය.

Related posts

දකුණු අප්‍රිකාව සහ ඉන්දියා තරගයේ විශේෂ අවස්තා මෙතනින්..

colombotoday

ශ්‍රී ලංකා දැල්පන්දු ශූරියෝ ආසියානු කිරුළට ළං වෙයි… හොංකාං පරදා අවසාන මහා තරගයට….

colombotoday

ශ්‍රී ලංකා – නවසීලන්ත තීරණාත්මක තරගය අද..

Admin

ධනුෂ්කට එරෙහි තහනම ඉවතට

Admin

දැවන්ත පරාජයෙන් පසු ඉන්දීය ක්‍රීඩකයන්ගේ නිවාස ඉදිරිපිට ගිනිකෙළි (Photo)

colombotoday

ලංකාවේ තරග සංචාරයට ආ එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කොවිඩ්

colombotoday