Colombo Today Local News

විදේශ ඇමතිගේ සම්බන්ධිකරණ ලේකම් lanka e news නියෝජිත තුසිතගේ කළු සල්ලි ජාවාරම ගුවන්තොටේදී හසුවේ

thusitha-haloluwa
විදේශ අමාත්‍යංශයේ සමබන්ධිකරන ලේකම් වරයකු සහ කෘෂිකර්ම අමාත්‍යංශයට අයත් පොහොර සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කරන තුසිත හල්ඔලුව ඉන්දියානු ජාතිකයකු හා ෆාරුක් නමැති ශ්‍රී ලංකික මුස්ලිම් ජාතිකයකු සමග ඉන්දියාව බලා ගුවන් ගත වීමට කටුනායක ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේදී නීතිවිරෝධී ලෙස ඩොලර් ලක්ෂයකට ආසන්න මුදලක් සාපරාධී ලෙස රටින් පිටතට ගෙන යාමට උත්සහා ගැනීමේ චෝදනා මත රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට උත්සහ කල බව ගුවන් තොටුපල ආරංචි මාර්ග වාර්තා කරයි. “මෛත්‍රීපාල සිරිසේන ජනපති කලේ මම” යැයි ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කල මොහු විදේශ ඇමතිවරයා හා ජනාධිපති අතර මැදිහත් කරුවකු ලෙස පෙනී සිටිමින් කටයුතු කෙරේ.

කෘෂිකර්ම අමාත්‍යංශයට අයත් පොහොර සංස්ථාවේ සභාපති තනතුරේද මොහු කටයුතු කරනු ලැබේ. යහපාලන වෙනුවෙන් දැඩි රාජපක්ෂ විරෝධියකු ලෙස කටයුතු කරන මැරුවත් රාජපක්ෂලාට බලයට පැමිණීමට ඉඩ නොදෙන බවට වහසි බස් දොඩමින් සිරිසේන පවුල සමග ඉතා සමීප සම්බන්දතාවයක් ඇති බව පෙන්වන මොහු ගුවන්තොටුපල බලධාරීන්ට බලපෑම් කරමින් ජනාධිපතිගේ විශේෂ අවශ්‍යතාවයකට මෙම සංචාරය කිරීමට සිදු වී ඇති බව ප්‍රකාශ කලද නිලධාරීන් මෙම තිදෙනා අත්අඩංගුවට ගැනීමට උත්සහා දරා ඇත. එහිදී විදේශ අමාත්‍ය මංගල සමරෙවීර , මුදල් අමාත්‍ය රවී කරුණානායක ආදීන් ගේ නම් යොදා ගනිමින් සිය බලය පෙන්වමින් අඩු දඩ මුදලක් ගෙවා බේරී යාමට උත්සහ දරා ඇත.

විදේශ අමාත්‍යංශයේ බලය භාවිත කරමින් රාජතාන්ත්‍රික ගමන් බලපත්ර්යක් සහිතව නිතර ජාවාරම්කරුවන් සමග විදේශ ගතවන මොහු යහපාලන රජය යටතේ පසුගිය මාස 20 ඇතුලත තිස්(30) වතාවකට වඩා විදේශ ගත වී ඇති අතර මේ අවස්ථාවලදී කොතරම් විදේශ විනිමය ප්‍රමාණයක් නීති විරෝධී ලෙස මෙරටින් බැහැරකර තිබේදැයි යන්න බොහෝ දෙනා ප්‍රශ්න කර සිටී.

ඊයේ මෙම සිදුවීමත් සමගම අවලංගු කෙරුණු මොවුන්ගේ ගුවන් ගමන යහපාලන රජයේ අනුහසින් අද දින සිදුවූ බව අප ගුවන්තොටුපල වාර්තාකරු සදහන් කර සිටි අතර අන්තර් ජාල මඩ අඩවිවිය වන lankaenews වෙබ් අඩවියේ ශ්‍රී ලංකා නියෝජිත ලෙස පසුබිම් රංගනයක යෙදුන මොහු රාජපක්ෂ පාලනය පිලිබඳ හා විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ ට එරෙහිව විශාලා මාධ්‍ය මෙහෙයුමක් කිරීමට ක‍ටයුතු කරමින් සිටී.

යහපාලන රජය පිහිටුවීමේ පුරෝගාමියකු ලෙස රට තුලත් විදේශ රටවලත් තමන්ව හදුන්වා දෙමින් පෙනී සිටින මොහු රටේ හා විදේශ රටවල මුල්‍ය ජාවාරම්කරුවන් සමග පැවැත්වූ සමීප සම්බන්දතා සහ මොහු සතු නිවාස , යාන වාහන මෙන්ම දේශීය හා විදේශ මුදල් ගිණුම් පිලිබඳ පරීක්ෂණ පැවැත්වීම ට කටයුතු ආරම්භ කර ඇත.

මේ වන විට ජනාධිපති හා විදේශ අමාත්‍යාදීන්ගේ ආශීර්වාද ලබමින් පොලිසියේ ඉහල අංශ වලට බලපෑම් කරමින් පරීක්ෂණ යට ගැසීමට කටයුතු කරමින් සිටින මොහු යහපාලනය වෙනුවෙන් සුද්ධවන්තයෙකු ලෙස පෙනී සිටින lanakenews සදරුවන් සේනාධීර මේ පිලිබඳ නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ඔවුන්ගේ බඩගෝස්තරවාදී මාධ්‍යවේදය බව පැහැදිලි වේ.

මේ අතර මොහු අත්අඩංගුවට පත්වීමත් සමගම දුකට පත් වී කඳුළු සලමින් මොහුව කෙසේ හෝ බේරා දෙන ලෙස යහපාලන රජයේ ප්‍රබල මිතුරන් අමතා ඉල්ලාසිටි සුරතලියන් රාශියක අතර මොහුට දඩුවම් දීමට ඉදිරිපත්වූ සුරතලියන් ගැනද විදේශ අමාත්‍යංශයෙන් මෙන්ම සමහර අමාත්‍යංශවලින් අසන්නට ලැබේ.

Related posts

මීගමු ජ්‍යෙ. පොලිස් අධිකාරී කාර්යාල භූමියේ කසළ බඳුනකින් ජීව අත්බෝම්බ දෙකක් හමුවෙයි

colombotoday

‘රජයේ දේපල විකිණීම ඉතාම වැදගත්“ – මහ බැංකු අධිපති

colombotoday

යහපාලන ආණ්‌ඩුව මේ වන විට හිමිවරුන් 48 නමක්‌ අත්අඩංගුවට අරන්!

colombotoday

බැඳුම්කර කොමිසමට බාරදුන් හඬපටවල වැදගත්ම හඬපට කීපයක් අතුරුදන් !

colombotoday

පොලිස් ලොක්කන් පිරිසකට ස්ථාන මාරුවීම්

Admin

ව්‍යාජ උන්මත්තකයකුගේ රැඟුම් පොලිසිය අවසන් කරයි

colombotoday