Colombo Today Local News

අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල දැඩි හිඟයක් තිබියදී ලැබුණ ඉන්දීය ණයෙන් යකඩ ගෙනත් – නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

ඖෂධ, ඉන්ධන, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල දැඩි හිඟයක් රට තුළ තිබියදී ඉන්දියාවෙන් ලැබුණ සහනදායී ණය මුදලින් කොටසක් වැයකර රජය විසින් යකඩ තොගයක් ආනයනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා ඊයේ (05)දින ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වාදී තිබේ.

රට තුළ පවතින ඉන්ධන හිඟය නිසා රටේ බොහෝ රෝහල්වල සිදුකරන ශල්‍යකර්ම ඇනහිට රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරුදායක තත්ත්වයකට පත්ව සිටියදී රජය යකඩ ආනයනය කිරීම සඳහා එම මුදල් වැය කිරීමට උත්සුක වී ඇත්තේ ඇයි දැයි දැනගැනීමට පෙත්සම්කරුවන්ට අවශ්‍ය වී ඇතැයි ද ජනාධිපති නීතිඥවරයා එහිදී අධිකරණයට වැඩිදුරටත් පෙන්වා දී ඇත.

රට තුළ මේ වනවිටත් පවතින ඉන්ධන, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් තොරව ජනතාවට සැපයීමට විධිමත් වැඩපිළිවෙළක් සකසන ලෙසට බලධාරීන්ට නියෝගයක් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක පී. පද්මන් සූරසේන, ජනක් ද සිල්වා හා මහින්ද සමයවර්ධන යන විනිසුරු මඬුල්ල හමුවේ ඊයේ (05 දා) කැඳවිණි.

එම පෙත්සම් ලබන 12 වැනිදා යළි කැඳවීමට දින නියම කළ විනිසුරු මඬුල්ල එකී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය විධිමත් ලෙස ජනතාවට සැපයීමට බලධාරින් ගෙන ඇති පියවර කුමක්දැයි බලධාරීන්ගෙන් විමසා අධිකරණයට දැනුම් දෙන ලෙසට නීතිපතිවරයාට නියෝග කර ඇත.

එකී වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යාංශයේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ වනවිටත් දිවුරුම් ප්‍රකාශ මගින් අධිකරණය දැනුවත් කර ඇතැයි, අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා විනිසුරු මඬුල්ලට දැනුම් දී ඇත.

Related posts

ප්‍රතිසංවිධානය ඇස්බැන්දුමක්..! එජාප පසුපෙල මන්ත්‍රීවරුන් ස්වාධීන වීමේ සූදානමක..!

colombotoday

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ යකඩ වැටවල් බදී

colombotoday

කබ්රාල් සහ ලලිත් වීරතුංග නිදහස් කරමින් නඩුවක් නිෂ්ප්‍රභ කෙරේ..

Admin

කෝප් කමිටුවෙන් අනුර ඉවත් වෙයි

Admin

“පනතට අත තියනු එපා“ මහ නාහිමියන්ගෙන් සැරට අහගෙන බුද්ධ ශාසන ඇමති ආපසු හැරෙයි

colombotoday

රනිල්ගේ නායකත්වය තවත් වසරකින් දිගු වෙයි…

colombotoday