Colombo Today Local News

රනිල්ට බහුතරයට අහිමි කරමින් හකීම්, බදුර්දීන් මක්කම යයි.. තවත් මන්ත්‍රී පිරිසක් ආගිය අතක් නෑ…

බහුතරය සොයා ගැනීම සඳහා ආණ්ඩු පක්ෂයත්, විපක්ෂයත් සිදුකරන බලපෑම් හමුවේ මන්ත්‍රිවරුන් පිරිසක් සිය නිවාසවලින්ද ඉවත්ව ගොස් ජංගම දුරකථන පවා ක්‍රියා විරහිත කරගෙන සැඟවී සිටින බවට දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

මේ වනවිට එම මන්ත්‍රිවරුන්ට ආණ්ඩු පක්ෂයෙන් සහ විපක්ෂයේ නියෝජිතයන් තම තමන්ගේ බහුතරය සොයා ගැනීම සඳහා පැමිණෙන ලෙස, විවිධ තනතුරු සහ වරප්‍රසාද ලබාදෙන බව පවසමින් දැඩිව බලපෑම් කරමින් සිටින බවද පැවසේ.

මේ අතර එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන එම්.එම්. සීනි ඉස්මයිල් මන්ත්‍රිවරයා සහ චන්ද්‍රාණි බණ්ඩාර මන්ත්‍රිවරිය ගැනද මේ වනවිට තොරතුරක් දැනගන්නට නැති බවටද කතා බහක් පැතිර යයි.

ඊට අමතරව එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන හිටපු අමාත්‍යවරුන් වන රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන්ගේ පක්ෂවල සියලුම මන්ත්‍රිවරුන් ඊයේ (7දා) රාත්‍රි මක්කම වන්දනා කිරීම සඳහා පිටත්ව ගොස් ඇත.

 

Related posts

මෙරට වාහන එකලස් කිරීමට අවසර

colombotoday

ඥානසාර හිමි නිදහස් කිරීමට එරෙහි නඩුවට විරෝධතා ගොනු කරන්න හිටපු ජනපති මෛත්‍රීට කල් දෙයි

colombotoday

යුද හමුදා බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාරත්න නැවතත් රිමාන්ඩ්

colombotoday

පස් කණ්ඩියක් කඩා වැටි සිසුවෙක් මරුට

Admin

මූල්‍ය ආයතනයක තැන්පත්කරුවන්ගේ කෝටි 900ට විද්ද හිමිකරු අතුරුදන්

Admin

අධිකරණයට ඉදිරිපත් වූ දමිතා,රැට්ටා ඇතුළු 8කට ඇප

colombotoday