Colombo Today Local News

රජයේ ආයතන රැසකට අගමැති අත ගසයි!

ranil wickramasinghe

පසුගිය ආණ්ඩුව සමයේ නිලධාරීවාදයට ලක්ව තිබූ සහ මේ වසරේ ප්‍රථම කාර්තු දෙකෙහි ඉලක්කගත අරමුණු වෙත ළගානොවූ අමාත්‍යාංශ සහ රජයේ ප්‍රධාන ආයතන තම අධීක්ෂණයට ගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කැර තිබේ.

අගමැතිවරයාගේ චීන සංචාරයෙන් පසුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික මට්ටමේ කටයුතු පූර්ණ සමාලෝචනයකට ලක් කිරීමට නියමිතය.

ඉන් අනතුරුව තවත් ජනතාවට සමීප නිදහස් සේවාවන් සපයන අමාත්‍යාංශයක කටයුතුද අගමැතිවරයාගේ අධීක්ෂණය යටතට ගැනිමට නියමිතය.

වසරකට ආසන්න කාලයක් ඇතුළත යහපාලන එක්සත් ජාතික පෙරමුණේ ප්‍රතිපත්තිවලට අනුව නියමිත ඉලක්කයට ළඟා නොවූ ජාතික මට්ටමේ අමාත්‍යාංශයක කටයුතු ද සිංහල අලුත් අවුරුද්දෙන් පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණයට ඝෘජුව යටත් කෙරේ.

අදාළ අමාත්‍යාංශයේ ඉහළම නිලධාරිනියක සමස්ථ අමාත්‍යාංශයම අකාර්යක්ෂම කරන බවට අගමැති කාර්යාලයට ලද පැමිණිල්ල අනුව මේ ක්‍රියාමාර්ග ගැනේ.

ඊළඟ අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට පෙර රජයේ තවත් ප්‍රධාන අමාත්‍යාංශ තුනක සහ රාජ්‍ය ආයතන හතරක කටයුතු අගමැතිවරයා යටතේ මෙහෙ‍යවීමටද නියමිතය.

Related posts

සෝභිත හිමි අවමගුළේ සහජීවන මාධ්‍ය සංදර්ශන – හිමිවරුන් කණගාටුවෙන්

colombotoday

පාසල් සිසු උද්ඝෝෂණ තහනම් කෙරේ

colombotoday

බ්‍රිතාන්‍යයේ සංගීත ප්‍රසංගයකට ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්.. 19කට ජීවිත හානි

colombotoday

කුණු ලොරිවලට පහරදුන්නැයි දෙදෙනෙක් වත්තලදී අත්අඩංගුවට

colombotoday

ජාතික පාසලක කොල්ලන්ට කුඩු අභ්‍යාස කල කෙල්ල දැලේ…

colombotoday

“අප රටේ කොඳු නාරටිය බෞද්ධ දර්ශනයයි. මෙහි ඉපදෙන සියලුදෙනා එයට ගරු කල යුතුයි.” මැල්කම් රංජිත් අගරදගුරුතුමා පවසයි.

colombotoday