Colombo Today Local News

මේ අමන තීන්දු ගන්නේ එජාපයට පක්ෂය උකස් කරන්නයි.. මේ ශ්‍රීලනිපයේ අදුරුම යුගයයි

prasanna

  • ශී‍්‍ර.ල.නි.ප. ආසන සංවිධායකවරුන් ඉවත් කිරීම. පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂයට උකස් කිරීමේ කොන්ත‍්‍රාත්තුවේම තවත් පියවරක්.
  • මේ ගෙවෙන්නේ ශී‍්‍ර.ල.නි.ප.යේ අදුරුතම යුගයයි.
  • ශී‍්‍ර.ල.නි.ප. යේ නියම ඒකාධිපති යුගය කි‍්‍රයාත්මක දැනුයි.
  • ඒකාබද්ධ විපක්‍ෂය ගන්න ඕනෑම තීන්දුවකට එකගයි. ඒත් හෘද සාක්ෂියට එකගව ශී‍්‍ර.ල.නි.ප. සමුඵවට යන්න මට හිත දෙන්නේ නෑ.
  • පක්‍ෂය විනාශ කරන මේ වගේ අමන තීන්දු ගන්නකොට අපි කොහොමද පක්‍ෂ සමුඵ වලට යන්නේ.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායකවරුන් ඉවත් කිරීම පක්‍ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් ගත් පියවරක් නොවන බවත්, එය එක්සත් ජාතික පක්‍ෂයට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය උකස් කිරීමේ කොන්ත‍්‍රාත්තුවේම තවත් පියවරක් බවත්, ගම්පහ දිස්තී‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ මෙවැනි තීන්දු ගන්නා විට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ 65 වන සමුඵවට සහභාගී වන්නේද . නැද්ද යන්න පිලිබදව දෙවරක් සිතා බැලීමට සිදුවන බවයි.

රටේ වර්තමාන තත්වය පිලිබදව දැනුවත් කිරීම සදහා රණතුංග මහතාගේ උඩුගම්පල නිවසේදී අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කලේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රණතුංග මහතා මෙසේද කීවේය.

මුලින්ම පක්‍ෂ සංවිධායක ධූරයෙන් ඉවත් කලේ මාව, දිලූම්ව, ඊට පස්සේ සාලින්දව , ගීතාව, ඊයේ සී.බී , මහින්ද යාපා, රෝහිත, පවිත‍්‍රා, ගාමිණී ලොකුගේ, කෙහෙලිය, ජගත් බාලසූරිය, සරත්, උදිත, උපේක්‍ෂා වගේ අය. ඉවත් කෙරුණු ආසන සංවිධායකවරුන්ගෙන් බොහෝ දෙනෙක් අවුරුදු 10ක් 15ක්ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ ආසන සංවිධායකවරු ලෙස කටයුතු කල අය. පක්‍ෂය වෙනුවෙන් ලේ, කදු`ඵ, දහඩිය කැපකල අය.මේ අය ඉවත් කරලා දාලා තියෙන්නේ ජන පදනමක් තියෙන අය නෙවෙයි. ජනතා ආදරය දිනූ අය වෙනුවට පත් කරලා තියෙන සමහර අයට ප‍්‍රාදේශීය සභාවක්වත් දිනාගන්න බැරිවුන අය.

පක්‍ෂය ජයග‍්‍රහණය කරා ගෙන යනවා කියලා පක්‍ෂයේ ඉහළ උදවිය පම්පෝරි ගැහුවාට මේ කරන්නේ පක්‍ෂය අගාදයකට තල්ලූ කිරීමක්. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ අදුරුතම යුගය තමයි මේ ගෙවෙන්නේ මේ සංවිධායකවරුන් ඉවත් කිරීමෙන් ඒක තහවුරු වෙනවා.මහින්ද මහතාගේ කාලයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තිබුණේ නැතැයි ඇතැමුන් කිඹුල් කදුඵ හෙලූවා. නමුත් අද තමයි පක්‍ෂයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැත්තේ. අද තමයි පක්‍ෂය ඒකාධිපති ලෙස කටයුතු කරන්නේ. මේ ආසන සංවිධායකවරුන් ඉවත් කිරීම ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂයට උකස් කිරීමේ කොන්ත‍්‍රාත්තුවේම තවත් පියවරක්. මේ කොන්ත‍්‍රාත්තුව ඇරඹුණේ 2015 ජනවාරි 08න් පස්සේ.

අලියගේ නැට්ටේ එල්ලිලා අපිට ආණ්ඩු හදන්න බෑ. ජාතික ආණ්ඩු දීගේ වසර 5කට දීර්ඝ කරන්න පහුගිය කාලේ එකග වෙලා තියෙනවා. 2020 දී මෙහෙම ගිහින් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය දිනවන්නේ කොහොමද. රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා එක්සත් ජාතික පක්‍ෂය දිනවීමේ වැඩ පිලිවෙලක යද්දී අපේ පක්‍ෂයේ උදවිය කරන්නේ පක්‍ෂය දිය කිරීමේ වැඩ පිලිවෙලක්.

ලබන 04වෙනිදා කුරුණෑගලදී පැවැත්වෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ 65 වන සමුඵවට සහභාගීවන ලෙස ඒකාබද්ධ විපක්‍ෂයට ආරාධනා කරනවා කියලා සංධාන මහ ලේකම් කිව්වා. පක්‍ෂය වෙනුවෙන් ලේ , කදුඵ, දහඩිය සහ මුඵ ජීවිත කාලයම කැපකල මිනිසුන්ගෙන් පලිගද්දී අපි කොහොමද ඕවට යන්නේ. මම හෘද සාක්ෂියට එකගවයි හැමදාම කටයුතු කලේ. මගේ හෘද සාක්‍ෂිය නම් මට මේ සමුඵවට යන්න හිත දෙන්නේ නෑ. සැබෑ ශී‍්‍ර ලංකා නිදහස් පාක්‍ෂිකයා මේ යූ.එන්.පී.ශී‍්‍ර ලංකා දීගෙට කැමති නෑ.අපිට මේ දීගෙට ආශිර්වාද කරන්නත් බෑ.

අපි ඒකාබද්ධ විපක්‍ෂයේ කටයුතු කරන්නේ කණ්ඩායමක් විදියට. සමුඵවට යනවද , නැද්ද කියලා තීන්දු කරන්නෙත් කණ්ඩායමක් විදියට. හැබැයි එකක් කියන්න පුඵවන්. මේ වගේ අමණ තීන්දු ගන්නකොට අපිට වුනත් යන්න හිතෙන්නේ නෑ. පල නොකියා පලා බෙදනකොට අපි කොහොමද එකතුවෙලා වැඩ කරන්නේ.

ආණ්ඩුව වර්ෂ පූර්ණ සැමරුම අගෝස්තු 19 වනදා සවස 3.00ට මාතර සනත් ජයසූරිය කී‍්‍රඩාංගණයේදී පවත්වන්න යනවා .අපිට මේකට ආරාධනා කරලා තියෙනවා.මේ පිලිබදව යන වෙළද දැන්වීමෙන් පවා අපේ පක්‍ෂය අවමානයට ලක් කරලා.

මේ ආණ්ඩුව දින 100 යේ පොරොන්දු බොරු කලා.අගෝස්තු 17 මහ මැතිවරණ පොරොන්දු බොරු කලා.මහ බැංකු මහා වංචාව සිදු කලා.වැට් බද්ධ නිසා ජනතාව මහ මගට දැම්මා.පාතාලය හිස ඔසවලා.කුඩු ප‍්‍රශ්ණයට විසදුමක් නෑ.අධ්‍යාපනයට සීයට හයක් වෙන් කලේ නෑ.අතුරුදන් වූවන්ගේ කොමිසම පනත ගෙනාවා.රාජ්‍ය සේවය පිරිහීමට ලක් කලා.දේශපාලන පලිගැනීම් නතර කරලා නෑ.මේ ප‍්‍රධාන කාරණා නිසා ජනතාවගේ හඩට කන්දෙන මහජන මන්තී‍්‍රවරයෙකු ලෙස මේ සමුඵව මම වර්ජනය කරනවා.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න සහ රණතුංග මහතා ඊට ලබාදුන් පිලිතුරු මෙසේය.

  • ප‍්‍රශ්නය කෙලින් කියන්න ඔබතුමා ශී‍්‍ර .ල.නි.ප. සමුඵවට යනවද , නැද්ද
  • පිලිතුර මට මේකට තවම ආරාධනාවක් ලැබිලා නෑ. ඒකාබද්ධ විපක්‍ෂයේ අපි මේ සම්බන්ධ තීරණයක් ගන්නේ ආරාධනා ලැබුනහම. මගේ පෞද්ගලික මතය තමයි මේ විදියට පල නොකියා පලා බෙදනකොට සමු`ඵවලට සහභාගීවෙන්න අපිටත් හිතෙන්නේ නෑ.
  • ප‍්‍රශ්ණය හැබැයි පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක ඩිලාන් පෙරේරා ඇමතිවරයා කියන්නේ පක්‍ෂයකට විනයක් තියෙන්න ඕනෑ කියලා. පක්‍ෂ මූලස්ථානය ඉදිරිපිට හූ කීම අම්මට හූ කිව්වා වගේ වැඩක් කියලා තමයි ඔහු කියන්නේ.
  • පිලිතුර හූ කිව්ව එක විතරක් නෙමෙයි. හූ කියන තත්වයට පත්වුණේ ඇයිද කියලත් අපි හොයලා බලන්න ඕනෑ. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය අද යන ගමනට එහි පාක්‍ෂියෝ කැමති නෑ. අපේ පක්‍ෂිකයන්ට ඕනෑ. යූ.එන්.පී. ශී‍්‍ර ලංකා ආණ්ඩුවක් නෙමෙයි. තනිකරම ශී‍්‍ර ලංකා ආණ්ඩුවක් . මේ විදියට ගියොත් ආණ්ඩුවට මුක්කු ගහලා ඉන්න උදවියව පාක්‍ෂිකයෝ ගහලා පන්නන වෙලාව අත ලගයි.
  • ප‍්‍රශ්ණය ඩිලාන් ඇමතිතුමානම් කියන්නේ ඔවුන් රත්නපුර පාරෙනුත් , ඔබතුමාලා හැටන් පාරෙනුත් සිරීපාදේ නගින බවයි. කොහෙන් ගියත්, සීත ගගුල ලගදී එකතු වෙලා එකට උඩමඵව වදිනවා කියලයි ඔහු කියන්නේ.
  • පිලිතුර ඩිලාන් ඇමතිතුමාලා යන්නේ වැරදි නඩයක් එක්ක වැරදි පාරක. අපි අහලා තියෙන විදියටනම් සිරීපාදේ වැරදි විදියට නැග්ගොත් මං මුලා වෙනවා. අද ඩිලාන් ඇමතිතුමාලට වෙලා තියෙන්නේ වැරදි නඩයක් එක්ක වැරදි පාරක ගිහින් මං මුලා වෙලා.

ප‍්‍රදීප් අනුර කුමාර

Related posts

ඉල්ලා අස් වූ ඇමතිවරු 5කට ලිපි භාරදෙන්න ජනපති නෑ

colombotoday

විජයග්‍රහනය සැමරුට ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ටත් උසස් වීම්

colombotoday

කොස්තාපල්වරයකුගේ ගිනි අවිය පත්තු වී සැරයන් රෝහලේ….

Admin

චීන කොවිඩ් එන්නත ලබාදීම ඇරඹේ

colombotoday

ජාතික ආණ්ඩුව ඉවරයි… මහින්ද රාජපක්ෂ නව අගමැති ලෙස දිවුරුම් දෙයි…

colombotoday

ලංවිමට ඉන්ධන ගන්න විකල්ප ක්‍රියාමාර්ග සොයයි

colombotoday