Colombo Today Local News

තමන්ට සලකපු අයට, ඇමති කිරිඇල්ල අතින් පයින් බඩකට පුරා සලකයි !

laxman kiriellaඋසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සම්බන්ධයෙන් පසුගිය සමයේ වැඩිපුරම කතාබහට ලක් වූ යේ ඔහු සිය අමාත්‍යාංශය සඳහා උපදේශකයන් පත් කරගැනීම සම්බන්ධයෙන් පැනනැගුණු ප්‍රශන්වලට පිළිතුරු දෙමින් සිදු කළ ප්‍රකාශත් සමගය. “අපිට සලකපු අයට අපි සලකවා. අපේ අයට ජොබ් නැතුව අවුරුදු ගණනාවක් බලා සිටියා. අපේ පාක්ෂිකයන්ට අපි ජොබ් දෙනවා, බුදුහාමුදුරුවෙත් කළගුණ සැලකීම ගැන කියලා තියෙනවා” යැයි අමාත්‍යවරයා එහිදී පවසා තිබුණි.

කෙසේ නමුත් ඔහුගේ මෙම උපදේශකයන් පත්කිරීමේ සිදු වීම කරළයට පැමිණිමත් සමග කිරිඇල්ල අමාත්‍යවරයාට මහනුවර එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ වරෝධයක්ද එල්ල වෙමින් තිබුණි.

කිරිඇල්ල අමාත්‍යවරයා රෝහලත් ගතවි ප්‍රතිකාර ලබන්නට වන තරමටම බරපතල වන තුරු එජාප පාක්ෂිකයෙකුට අතින් පයින් සැලකීමේ පුවතක් වාර්තාවන්නේ මෙවැනි වටපිටාවක් තුළය.

එය සැකවින් මෙසේය. කිරිඇල්ල අමාත්‍යවරයාගේ මහනුවර දංගොල්ලෙහි පිහිටි නිවසට (07) ගිය එක්සත් ජාතික පක්ෂ බෝවල ශාඛාවේ ලේකම් ධම්මික පෙරේරා නැමැත්තාට කිරිඇල්ල ඇමතිවරයා හා ඔහුගේ ආරක්ෂකයින් විසින් පහර දී තිබේ. ප්‍රහාරයට ලක් වූ ඔහු මේ වනවිට මහනුවර මහ රෝහලේ 28 වාට්ටුවේ නේවිසිකව ප්‍රකාර ලබමින් සිටියි.

එම සිදුවීම පැහැදිලිකරන ධම්මික පෙරේරා මහතා “මගේ නම ධම්මික පෙරේරා. මම ව්‍යාපාරිකයෙක්. ඊට අමතරව ගමේ පොදු සමිතිසමාගම් රාශියක මම නිලතල දරනවා. බෝවල එ.ජා.ප ප්‍රධාන ශාඛාවේ මම ප්‍රධාන ලේකම්වරයා.

මම අමාත්‍යවරයා හමුවන්න දංගොල්ල නිවසට ඉරිද උදේ වරැවෙ ගියා. ඒ වෙලාවෙ තව ටික දෙනෙකුත් ඇවිත් හිටියා. මම අමාත්‍යවරයට කිව්ව “සර් අපි ගොඩක් පොරොන්දු දීලනෙ මේ පාර ඡන්දෙ ගත්තෙ. මේ තියන තත්වෙට සර් ගමට මොනවහරි කරන්න. නැත්නම් අපිට ඡනදෙ ඉල්ලගන ගමට යන්න බැරිවෙයි” කියලා.

මෙහෙම කියපු ගමන් මට හොදටම බැනල ආරක්ශකයින් කැදවා මුට දෙකක් දීල එලියට ඇදල දාන්න කිව්වා. කියපු විදිහටම මට ආරක්ෂකයින් පහරදෙන්න පටන්ගත්ත. මම දුවල බේරැනේ. මේ මිනිහ දිනවන්න අපි ගොඩක් දුක් වින්ද. අද එව්ව මෙයාට මතක නැහැ. අද මෙයාට සල්ලි විතරයි.” යැයි පැවසීය.

මේ සම්බන්දයෙන් ඔමු රෝහල් පොලීසියටද පැමිනිලි කර ඇති අතර රොහල් පොලීසියේ දැනුම්දීම අනුව ක්‍රියාත්මක වී ඇති මහනුවර පොලිස්ථානයේ නිලාධාරීන් දෙදෙනෙකු රෝහලට පැමිණ ඔහුගෙන් කටඋත්තරයක් ලබා ගෙන ඇත.

Related posts

බෝක්කුවකින් ඇලකට වැටී පුද්ගලයක් මරුට

Admin

එළවළු අස්සෙන් කසිප්පු විකුණූ ව්‍යාපාරිකයෙක් මාට්ටු

colombotoday

ලංකාවේ අභ්‍යන්තර වැඩවලට ඇගිලි ගහන්න ආ ඇමරිකානු තානාපති කාර්යාලයට ශ්‍රී ලාංකිකයන්ගෙන් සැරටම ප්‍රතිචාර…

colombotoday

බෑණාගේ සමාගම යළිත් බැදුම්කර වෙන්දේසියේ

colombotoday

ලබන වසරේ සිට සියලුම පාසල්වල පළමු වසරටත් ඉංග්‍රීසි භාෂාව

colombotoday

කොරෝනා ගුරු පොකුරට අතවනන නුවරඑළියේ ගුරු උද්ඝෝෂණය

colombotoday