Colombo Today Local NewsNew Constitution

“අළුත් ව්‍යවස්ථාවෙන් අපේ ඉල්ලීම් දිනාගන්නවා.. විග්නේෂ්වරන්ගේ වැඩවලට අපි නෑ“ – TNA

tna sambandhan

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබදව සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන අතරවාරයේ ‘එළුග තමිල්’ වැනි උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කිරීම සුදුසු නොවන බව දෙමළ ජාතික සන්ධානය (TNA)පවසයි.

‘එළුග තමිල්’ හෙවත් ‘දෙමළ ජනතාවනි නැගිටිවු’ උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කොට තිබෙන්නේ උතුරු පළාත් මහ ඇමතිවරයාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන ‘දෙමළ ජනතා සභාව’ විසිනි.

ජාතික ප්‍රශ්නය ඇතුළු රට හමුවේ ඇති ගැට‍ළුවලට විසඳුම් ලබා දෙන නව ව්‍යවස්ථාවක් පිළිබඳ දෙමළ ජාතික සන්ධානය ඇතුළු රටේ සෙසු පක්ෂ අතර සාකච්ඡා පැවතෙමින් තිබෙන අතරතුර ‘එළුග තමිල්’ උද්ඝෝෂණ ව්‍යාපාරය දියත් කිරීම සුදුසු නොවන බව සිය පක්ෂය ‘දෙමළ ජනතා සභාව’ට පෙන්වා දුන් සදහන් කරන ද්‍රවිඩ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් මහතා තම අදහස නොතකා දෙමළ ජනතා සභාව ‘එළුග තමිල්’ උද්ඝෝෂණ ව්‍යාපාරය ආරම්භ කළ බවත් දේශපාලන පක්ෂයක් වශයෙන් ඊට දෙමළ ජාතික සන්ධානයේ සම්බන්ධයක් නොමැති බව අවධාරණය කළේය.

‘එළුග තමිල්’ උද්ඝෝෂණය හේතුවෙන් දකුණේ ජනතාව දෙමළ ජාතික සන්ධානය පිළිබඳ වැරදි අවබෝධයක් ඇති කර ගන්නා බව කියා සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්දිරන් මහතා, එවැනි වැරදි අදහසක් ඇති වීම මේ අවස්ථාවේ සිදු නොවිය යුතු බවත් පැවසීය.

සියලුම පක්ෂ නියෝජනය කෙරෙන ව්‍යවස්ථාදායක මණ්ඩලය හරහා සෙසු ජන කොටස්වලට මෙන් දෙමළ ජනතාවටත් පිළිගත හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමට හැකි වනු ඇති බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයා කියා සිටියේය.

(බී බී සී සංදේශය)

Related posts

සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉල්ලීමක්

colombotoday

උතුරේ හමුදා පාලනයකට උත්සහ දරනවා – මාවෙයි සේනාධිරාජා

colombotoday

නිරෝධායන මධ්‍යස්ථානයෙන් භාණ්ඩ සොරකම් කළ කොවිඩ් රෝගීන් සිව්දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

ශ්‍රීලනිප ප්‍රබලයෙක්ගේ මෙහෙයවීමෙන් ඒකාබද්ධ විපක්ෂයට එරෙහිව මර්වින් සිල්වා ආණ්ඩුවේ ඩීල් එකක

colombotoday

සුනඛ පැටවුන් මෝටර් රියට යට කළ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ බිරිද අල්ලයි

Admin

මඩකලපුවේ ශරියා විශ්වවිද්‍යාය ගැන අන්තරේ විමසයි

colombotoday