අතුරුදන් වූවන් පිළිබද කාර්යාලය ස්ථාපිත කිරීමට අදාල පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත විය. පනත ඉදිරිපත් කරන අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂය සභා ගැබ මැදට පැමිණ උද්ඝෝෂණයක නිරත විය. ඒ අතරතුර ආණ්ඩුව විවාදයකින් තොරවම පනත සම්මත කරගත්තේය. පනත සම්මතකර ගැනීමෙන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ හා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු සතුටු සාමිච්චියේ යෙදෙන අයුරු ජනතා ජවිපෙ මන්ත්‍රීවරයෙකුගේ ජංගම දුරකථනයේ සටහන්ව තිබුණේ මෙසේය.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com