Colombo Today Local News

TNA නඩය අර අදින්නේ නැවතත් මේ රට ලේ විලක් කිරීමටයි – හෙළ බොදු සවිය

fe848දෙමළ සන්ධාන නඩය අර අදින්නේ රට නැවතත් ලේ විලක් බවට පත්කිරීමට බව හෙල බොදු සවිය සංවිධානය පවසයි.

එහි සභාපති බුදුගල නවංශ හිමියන් විසින් මේ බව සඳහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

මුලතිව් ප්‍රදේශයේ පවතින කෝකිලායි සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී තිස්සපුර ගුණරතන හිමියන්ට එම විහාරස්ථානයෙන් ඉවත්වන ලෙසට එම පළාතේ දෙමළ සන්ධාන මන්ත්‍රීවරයෙකු බලපෑම් කරන බවට පොලීසියට පැමිණිල්ලක් කර ඇති බවට මාධ්‍ය වාර්තා මගින් දැනගන්නට ලැබුණි. අප හිතවත් පිරිස් මගින් කරන ලද විමසීම් වලට අනුව මෙය සත්‍ය කරුණක් බව අපට දැනගන්නට ලැබුණි.

t ravikaran
මුලතිව්, කෝකිලායි, සම්බෝධි විහාරය ඉවත් කරගන්නා ලෙස තර්ජණය කරන ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී, උතුරු පළාත් ඉඩම් ඇමති ටී. රවිකරන්

වත්මන් රජය සංහිදියාව හා සහජීවනය ගැන උදම් අනමින් සිටියත් දකුණේ ජනතාව අඩි දහසක් පිටපසට ගෙන එකී සංහිදීයාව හා සහජීවනය වෙනුවෙන් අපරිමිත කැපකිරීම් කරමින් සිටිය දී උතුරු පළාත් දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන්ගේ මේ නොමනා හැසිරීම හා අන්තවාදී ක්‍රියා පිළිවෙත ගැන අපට ඇත්තේ ඉමහත් කළකිරීමකි. උතුරු නැගෙනහිර සිංහල බෞද්ධ ඓතිහාසික උරුමය ගැන අමුතුවෙන් අපට දේශන පැවැත්විය යුතු නැත.

වරෙක පුරාවිද්‍යාව පිළිබද ගවේෂක හිමිනමක් පැවැසුවේ උතුරේ පේදුරු තුඩුවේ සිට දකුණේ දෙව්න්දර තුඩුව දක්වා ගවේෂණය කළ උන්වහන්සේට කිසිදු දෙමළ මුස්ලිම් අයිතියක සලකුණක් දක්නට නොලැබුනු බවයි. එහෙව් රටක සතර කොණේ සිංහල බෞද්ධ ඓතිහාසිකත්වය ලියැවී ඇති බිමක විහාරස්ථානයක් හෝ එහි හිමිනමක් තර්ජනාත්මක ලෙස ඉවත් කිරීමට දෙමළ සන්ධානයට ඇති අයිතිය කුමක් දැයි අපි ප්‍රශ්න කර සිටින්නෙමු. අපට හැගෙනුයේ මේ දෙමළ සන්ධාන නඩය නැවැතත් අර අදිනුයේ මෙරට ශාසනමාමක හිමිවරු සහ 26000ක් රණවිරු දිවි පුදා රැකගත් රට නැවැතත් ලේ විලක් බවට පත්කිරීමට බවයි.

එබැවින් අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනුයේ මෙරට බෞද්ධ විහාරස්ථාන හෝ පුරාවිද්‍යා ස්ථාන පිළිබද තීන්දු තීරණ ගැනීමට දෙමළ සන්ධානයට අයිතියක් නැති බවත් කෝකිලායි විහාරස්ථානයට උක්ත අයුරින් කිසියම් ආකාරයේ බලපෑමක් සිදු වී ඇත්නම් වහා ඒ පිළිබද සොයා බලා යුක්තිය ඉටු කරනා ලෙසය.

අවසාන වශයෙන් එම අන්තවාදී දීන ක්‍රියාව පිළිකුළෙන් යුතුව හෙළා දකින අතර තත් විහාරස්ථානයට යුක්තිය ඉටුවේදැයි අප අවධානයෙන් සිටින්නෙමු.

තෙරුවන් සරණයි!

සසුන්ලැදි,

බුදුගල ජිනවංස හිමි
සභාපති

Related posts

රජයේ වියදමින් හදන්න ගිය කොටි සොහොන උද්භීද උද්‍යානයක් ලෙස නම් කරයි

colombotoday

“මේ දෙක විතරයි ඉතුරු” – සරම උස්සා ඇමති සාගලට යමක් පෙන්වූ අයෙකුට වැඩ වරදී !!

colombotoday

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයට අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ

Admin

කොටි සැකකරුවන්ට ඇප දෙනවාද? නැද්ද? තීරණය නීතිපති අතේ

colombotoday

අගමැති මහින්ද කුරුණෑගල අතහැර ජාතික ලැයිස්තුවට

colombotoday

ඥාණසාර හිමි ඇප මත මුදා හරී.. වරෙන්තුවත් ආපසු කැදවයි..

colombotoday