Colombo Today Local NewsHot News

ප්‍රභාකරන් එදා ඉල්ලූ දෙයම ඉල්ලන විග්නේෂ්වරන්ගේ “එලුග තමිල්“ ප්‍රතිපත්ති ප්‍රකාශනය

wig236උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගේ නායක්තවයෙන් යතු දෙමළ මහජන සභාව විසින්, කතෝලික සභාවේ යාපනය රදගුරු මංගලරාජාගේ මෙහෙයවීමෙන් සංවිධානය කරන ලද නැගිටිව් දමිළයිනි හෙවත් “එලුග තමිල්“ විරෝධතාවය ඉකුත් 24 වනදා යාපනය මුට්ට්‍රවේලි ක්‍රීඩාංගණයේදී පැවති අවස්ථාවේදී එහි ප්‍රතිපත්ති ප්‍රකාශණය ප්‍රකාශයට පත් කෙරිණි.

දෙමළ මහජන සභාවේ සම සභාපතිවරයෙකු වන විශේෂඥ වෛද්‍ය පී.ලක්ෂමන් විසින් එළිදක්වන ලද එම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් උතුරේ සිංහල ජනතාව පදිංචි කිරීම නැවැත්වීම, බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීම නැවැත්වීම, හමුදා කදවුරු ඉවත් කළ යුතු බවට අවධාරණය කර ඇති අතර, දමිළ නිජබිම (දෙමළ ඊළම) ස්වයංනීර්ණ අයිතිය පිළිගනිමින් උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර ෆෙඩරල් පාලනයක් ස්ථාපිත කිරීම එමගින් අරමුණු කොට ඇත.

උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර ෆෙඩරල් පාලනයක් ස්ථාපිත කිරීම හරහා, දෙමළ ජනයාගේ ස්වයංනීර්ණ අයිතිය සහ දෙමළ දේශයේ ස්වාධිපත්‍ය තහවුරු කර ගැනීමට හැකි බවද එමගින් අවධාරණය කර ඇත.

එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසිකර රැදවුම්භාරයේ සිටින දේශපාලන සිරකරුවන් (කොටි ත්‍රස්තවාදී සැකකරුවන්) නිදහස් කළ යුතු බවට අවධාරණය කර ඇති අතර ආරක්ෂක අංශ වෙත බරපතල චෝදනා ගණනාවක් එල්ලකර ඇත.

2016.09.24 වන දින යාපනය මුට්ට්‍රවේලි ක්‍රිඩාංගණයේදී, පැවැත්වු ‘එළුග තමිල්’ පෙළපාලිය 2016, ප්‍රතිපත්ති ප්‍රකාශණය :

01. උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන දෙමළ මාතෘ භූමිය සිංහල බෞද්ධකරණය කිරීමේ අරමුණින් සිංහල ගම්මාන, බෞද්ධ විහාරස්ථාන සහ බුද්ධ ප්‍රතිමා යනාදිය මෙම යහපාලන රජයේ දායකත්වයෙනුත්, හමුදාවේ දායකත්වයෙනුත් ඉදිකරමින් සිටියි. දෙමළ ජනතාවගේ සංකේත විනාශ කිරීමටත්, උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ මාතෘ භූමියේ ජන අනුපාතය වෙනස් කිරීමටත් සිංහල රජය සිදුකරන මෙවැනි කටයුතු නතර කළ යුතු බව අවධාරණය කරන්නෙමු.

02. යුද්ධය අවසන් වී වසර 07කට වැඩි කාලයක් ගතවී ඇති අවස්ථාවකදී, උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි හමුදාව විශාල වශයෙන් ස්ථාන ගත කර ඇත. එම හමුදාව විසින් දෙමළ ජනතා‍වගේ ප්‍රදේශයන්හි ඉඩම් අක්කර දහස් ගණනක් ආක්‍රමණය කර තිබෙනවා පමණක් නොව, දෙමළ ජනතාවගේ ඉඩම් ආක්‍රමණය කිරීමේ කටයුතු වල අඛණ්ඩව නිරත වී සිටියි. ඒ අතරම, සංචාරක හෝටල්, කෘෂිකාර්මික ගොවිපළවල් සහ ව්‍යාපාරික කටයුතු වල නිරත වී සිටින අතර, උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි සිවිල් පරිපාලන කටයුතු වලට අඛණ්ඩව මැදිහත් වෙමින් සිටියි. මාතෘ භූමීය තුල දෙමළ ජනතාවට තම ජිවනෝපාය ආරම්භ කීරීමට ‍නොහැකි අන්දමින් හමුදාව ස්ථාන ගතවි සිටිම හේතුවෙන්, ආර්ථිකය නගා සිටුවීමට නොහැකි තත්වයකුත්, හමුදාකරණය කර දෙමළ ප්‍රජාව භේදකර, දෙමළ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදීව සිදුකරන සටන් වලට බාධා ඇතිකරන අන්දමින් හමුදාව කටයුතු කරමින් සිටියි. හමුදාව විසින් කාන්තාවන් සහ කුඩා ළමුන්ව ලිංගික හිංසනයට ලක්කර, දෙමළ දේශයේ පැවැත්ම විනාශ කරමින් සිටියි. එබැවින්, උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි ස්ථාන ගතවී සිටින හමුදාව කඩිනමින් ඉවත් විය යුතු බව අවධාරණය කරන්නෙමු.

03. දේශීය යාන්ත්‍රණය නිතීයට පටහැනි එකක් බව දෙමළ ජනතාව ඉතා පැහැදිලිව අවධාරණය කර ඇත. පැවති යුද්ධයේදී සිදුකළ වරදවල් සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා යුක්තිය ඉටුකිරීමට හැකි අවස්ථාවක් ශ්‍රී ලංකා අධිකරණ ක්‍ෂේත්‍රයට නොමැති බවත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සාමාජිකත්වය ලබා ඇති රටවල් ඒකාබද්ධ කර, මිශ්‍ර අධිකරණ ක්‍රියාවලියක් ශ්‍රී ලංකාවට සුදුසු බවත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් 2015 වර්ෂයේ සැප්තැම්බර් මස නිකුත් කළ වාර්තාව මගින් යෝජනා කර තිබුණි. එය ආරම්භයේ පිළිගත් ශ්‍රී ලංකා රජය, විදේශීය විනිසුරුවරු එයට ඇතුලත් කිරීමට නොහැකි බව මේ වන විට පැහැදිලිව ප්‍රකාශ කර ඇත. මිශ්‍ර අධිකරණ ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කර, දේශීය යාන්ත්‍රණයක් පමණක් ඉදිරිපත් කරමින් සිටියි. මෙවැනි පසුබිමකදී, ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්විය යුතුය යන ස්ථාවරයේ දෙමළ ජනතාව සිටින බව අවධාරණය කරන්නෙමු.

04. වසර 35 කට වැඩි කාලයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දෙමළ තරුණ තරුණියන් දහස් ගණනක් අත් අඩංගුවට ගෙන ඇත. ඔවුන් අතරින් ඇතැම් පුද්ගලයින් වසර 15 – 20 ‍ට වැඩි කාලයක් සිරගත කර තබාගෙන පරීක්‍ෂණ පවත්වමින් සිටියි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන බවට 2015 වර්ෂයේ සැප්තැම්බර් මස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාට පොරොන්දුවක් ලබාදුන් වත්මන් රජය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ දක්වා අහෝසි නොකර, බොහෝ තරුණයින් සැක පිට අඛණ්ඩව අත් අඩංගුවට ගනිමින් සිටියි. මෙම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන, සිරගත කර සිටින සියළු දෙමළ දේශපාලන රැඳවියන් කොන්දේසි විරහිතව නිදහස් කළ යුතු බව අවධාරණය කරන්නෙමු.

05. යුද්ධය පැවති කාල පරිච්ජේදයේදී, දේශපාලන හේතූන් මත පැහැරගත් පුද්ගලයින් සහ භාර වූ පසු අතුරුදහන් කළ පුද්ගලයින් සිටින්නේ කොහේද? ඔවුන්ට සිදුවුයේ කුමක්ද? යන්න පිළිබඳව කඩිනමින් සොයා බලා අනාවරණය කල යුතු අතර, ඔවුන්ට යුක්තිය ලබාදිය යුතු බව අවධාරණය කරන්නෙමු.

06. යුද්ධය පැවති කාලයේදී, නාවික හමුදාව තහනම් නියෝග පැනවිම හේතුවෙන්, උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි ධීවරයින්ට තම ජීවනෝපාය අහිමි වන ලදි. නමුත්, යුද්ධය අවසන් වී වසර 07 කට වැඩි කාලයක් ගතවි ඇති අවස්ථාවකදී පවා උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි ධීවරයින් අඛණ්ඩව පීඩාවට පත්වෙමින් සිටියි. දකුණේ ධීවරයින් උතුරු නැගෙනහිර මුහුදු සීමාවට නීති විරෝධි ලෙස ඇතුළු වනවා පමණක් නොව, උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි ධීවරයින්ගේ යාත්‍රා නීතී විරෝධි ලෙස රැගෙන යෑම සහ නිතී විරෝධි ලෙස ධීවර වාඩි ඉදිකිරීම යනාදි කටයුතු හේතුවෙන්, දෙමළ ධිවරයින් තමන්ට අයිති ධීවර වාඩි අත්හැර දමා යායුතු තත්වයක් උද්ගත වී ඇත.

දකුණේ ධීවරයින්, උතුරු නැගෙනහිර මුහුදු සීමාවට නිතී විරෝධි ලෙස ඇතුළු වී ධීවර කටයුතු වල නිරත වීම හේතුවෙන්, දෙමළ ධීවරයින්ට තම ජිවනෝපාය අහිමි වී ඇත. මේ හේතුවෙන්, සියළු දෙමළ ජනතාවගේ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වී ඇත. මෙවැනි නීති විරෝධී කටයුතු වැළැක්වීමට වත්මන් රජය කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතුය. ඉන්දීය ධීවරයින් නීති විරෝධි ධීවර කටයුතු වල නිරතවීම හේතුවෙන්, දෙමළ ධීවරයින් පීඩාවට පත්වී ඇත. දෛනිකව ධීවර කටයුතු වල නිරත වී කුසගින්න නිවාගන්නා දෙමළ ධීවරයින්ගේ ජිවනෝපාය සඳහා වන අයිතීන් ආරක්‍ෂා කළ යුතු අතර, ඔවුන්ගේ මුහුදු සම්පත් නීතියට පටහැනිව කොල්ලකෑම කඩිනමින් නරත කළ යුතු බව අවධාරණය කරන්නෙමු.

07. විමුක්තිය වෙනුවෙන් සටන් කරන ජාතික ජනවර්ග මධ්‍යයේ, ඔවුන්ගේ විමුක්ති පිපාසය දුර්වල කිරීමේ අරමුණින් මත්ද්‍රව්‍ය තරුණ තරුණයින් මධ්‍යයේ බෙදාහැරීමේ ක්‍රමය බොහෝ රටවල් භාවිතා කරනු ඇත. මාතෘභූමිය දැඩි හමුදා ආරක්‍ෂාවක් මධ්‍යයේ තිබෙන අවස්ථාවකදී, මත්ද්‍රව්‍ය විශාල වශයෙන් දෙමළ ජනතාවගේ ප්‍රදේශයන් වෙත බෙදාහරිනු ඇත. කොකෙන් වැනි මත්ද්‍රව්‍ය උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි සිඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇති අතර, හමුදාව විසින් උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි ක්‍රීඩා උත්සව පවත්වන අවස්ථාවේදී, හමුදා නිලධාරීන් විසින් දෙමළ තරුණයින්ට මත්පැන් ලබාදෙන බව දැනගැනීමට ලැබී ඇත. මෙවැනි කටයුතු මගින් අපගේ තරුණයින්ගේ අනාගතය සැලසුම් සහගතව විනාශ කීරීමේ ක්‍රියාවක් ලෙස අදහස් කිරීමට සිදුවී ඇත. එබැවින්, මෙවැනි කටයුතු වැළැක්වීමට වත්මන් රජය ක්‍රියාමාර්ග ගත යුතු බව අවධාරණය කරන්නෙමු.

දේශපාලන විසඳුම පිළිබඳව! තවමත් විසඳුමක් ඉදිරිපත් කර නොමැති දෙමළ ජනතාවගේ ජාතික ජනවාර්ගික ගැටළුවටත්, පැවති යුද්ධයත්, සෘජුවම සහ වක්‍රාකාරව සිදුකළ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් නැවත සිදුනොවන අන්දමින් දෙමළ ජනතා සංසදය විසින් ඉදිරිපත් කල දේශපාලන විසඳුම් යෝජනාව පදනම් කරගෙන ෆෙඩරල් විසඳුමක් ලබාදිය යුතු බව අවධාරණය කරන්නෙමු.

දෙමළ ජනතාවගේ ජාතික ජනවාර්ගික ගැටළුවට විසඳුමක් දැකීමේ අරමුණීන් 3 වන ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කරන බව වත්මන් රජය ජාත්‍යන්තර ප්‍රජාවට ප්‍රකාශ කරමින් සිටියි. නමුත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන දෙදෙනා ඒකීය පාලනයක් තුල දෙමළ ජනතාව සඳහා වන විසඳුම ලබාදෙන බවත්, බෞද්ධ ජනතාවට ලබාදී ඇති ප්‍රමුඛත්වය වෙනස් නොකරන බවත් අඛණ්ඩව ප්‍රකාශ කරමින් සිටියි.

ඒකීය පාලනයක් තුල අඩු බලතල සහිත බලය බෙදාහැරීමක් සිදුකර දෙමළ ජනතාව සඳහා වන විසඳුමක් ලබාදීමට වත්මන් රජය උත්සාහ කරමින් සිටියි. කඩිනමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුව තුල සම්මත කරගෙන, ජනමත විචාරණයක් මගින් එය සම්මත කරගැනීමට මෙම රජය උත්සාහ කරමින් සිටියි. දෙමළ ජනතාවගෙන් බහුතර ඡන්දයක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ලැබුණහොත්, එය පදනම් කරගෙන දෙමළ ජනතාවට දේශපාලන විසදුමක් ලබාදුන් බව ප්‍රකාශ කිරීම වත්මන් රජයේ අරමුණ වී ඇත.

දෙමළ ජනතාවගේ දේශපාලන ඉල්ලීම් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගත යුතුය යන ඉල්ලීම අප ඉදිරිපත් කරන්නෙමු. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කළ යුතු ආකාරය පිළිබඳව අදහස් දැක්වීමට හෝ ඒකාබද්ධ වී තීරණ ගැනීමට සහ ඒ සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව සටන් කීරීම යනාදිය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කටයුතු ව්‍යාකූල කිරීමට ගන්නා උත්සාහයක් බවට කරන චෝදනාව අප ප්‍රතිපක්ෂේප කරන්නෙමු. ඒ අනුව, පහත සඳහන් තීරණ ගෙන ඇත්තෙමු.

අ. වසර 68 ක කාල පරිච්ඡේදයේදී අප ලබාගත් අත්දැකීම් වලට අනුව, ඒකීය පාලනයක් තුල දේශපාලන විසඳුමක් ලබාදීම කිසිඳු ආකාර‍යකින් ප්‍රායෝගික නොවන බව අප අවධාරණය කරන්නෙමු.

ආ. දෙමළ ජනතා සංසදය විසින් ඉදිරිපත් කළ දේශපාලන විසඳුම් යෝජනාව පදනම් කරගෙන, ජාතික ජනවාර්ගික ගැටළුව සදහා වන ප්‍රායෝගික සහ ස්ථීර විසඳුම, ශ්‍රී ලංකාද්වීපයේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ දේශය ලෙසත්, ඔවුන්ගේ ස්වයං නිර්ණ අයිතියට ගරු කරන සහ ස්වෛරීභාවය පදනම් කරගත් ෆෙඩරල් පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීමට හැකි එකක් විය යුතු බව අවධාරණය කරන්නෙමු.

ඉ. දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය සහ දෙමළ දේශයේ ස්වාධිපත්‍ය යනාදිය ෆෙඩරල් ක්‍රමයක් මගින් ලබාගැනීමට හැකි බව අප අවධාරණය කරන්නෙමු.

ඊ. දෙමළ දේශයේ ස්වෛරීභාවය හෝ ඔවුන්ගේ ස්වයං නිර්ණ අයිතිය පිළිනොගන්නා සහ අඩුපාඩු සහිත දේශපාලන විසඳුමක් දෙමළ ජනතාව වන අප කිසිඳු අවස්ථාවක පිළිනොගන්නා බව අවධාරණය කරන්නෙමු.

උ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රහසිගතව සකස් කරමින් සිටියි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහජනතාව සමඟ පැවැත්වූ සාකච්ඡා පිළිබඳව නිකුත් කළ වාර්තාව, දෙමළ ජනතාව ඉදිරිපත් කළ අදහස් සඳහන් නොකර සකස් කර ඇත. සකස් කිරීමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පත පිළිබඳ ජනමත විචාරණයට පෙර, ප්‍රසිද්ධියේ සහ ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවක් මහජනතාව මධ්‍යයේ පැවැත්වීමට ප්‍රමාණවත් කාලයක් ලබාදිය යුතුය.

ප්‍රචණ්ඩ ක්‍රියා යටතේ දේශපාලන විසඳුම පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට නොහැකිය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් උතුරු නැගෙනහිර ජනතාවගේ විවෘත අදහස් ලබාගැනීමට නම්, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කළ යුතු බවත්, හමුදාව උතුරු නැගෙනහිර පළාතින් ඉවත් කළ යුතු බවත් අවධාරණය කරන්නෙමු.

Related posts

ඇමති මාරුවක් සමගින් සම්මුතිවාදී ආණ්ඩුව දිගටම

colombotoday

පාර්ලිමේන්තුවට උල් කතුරක් ගෙන ආ තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

සිසේරියන් සැත්කම්වලින් පසු – තව්හිද් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මවුවරුන් හාරදහසක් වඳ කරලා !

colombotoday

පළාත් පාලන ආයතන 93කට නාම යෝජනා ගන්න මැකො දින දෙයි

colombotoday

බුදු පිළිම වහන්සේලාට පැනවූ ලක්ෂ 32 ක බද්ද ඉවතට…

colombotoday

මහවැලි ජලාශවල ජල මට්ටම 46%ක් දක්වා ඉහළ යයි

Admin