Colombo Today Local News

රටට සෙත් පතා පිරිත් දැමූ හිමි නමකට පොලු පහර

ශබ්ද විකාශන යන්ත්‍රයක් මගින් පිරිත් දේශනා විසුරුවා හැරීමට උරණවු පුද්ගලයකු විහාරස්ථානයක හිමි නමකට පොල්ලකින් සහ අතින් පයින් පහරදි ඇතැයි ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.

පහර කෑමට ලක්වූ ඇල්පිටිය වල්අඹගල බෙරලියමුකලාන සත්බෝධි තපෝවන ආරණ්‍ය සේනාසන වාසී හිමි නම පොලිසියට පැමිණිලි කර ප්‍රතිකාර සඳහා ඇල්පිටිය රෝහලට ඇතුළත්ව ඇත.

රටේ පවතින වසංගත තත්ත්වය නිසා රටටත් ජනතාවටත් සෙත්පතා මෙම ආරණ්‍ය සේනාසනය දිනපතා උදේ සවස ශබ්ද විකාශන යන්ත්‍රයක් මගින් පිරිත් දේශනා විසුරුවා හරිනු ලබන අතර අසල පදිංචි සැකකරු එය නතර කරන ලෙසට අවස්ථා කිහිපයකදිම තර්ජනය කර ඇත. උදෑසන පිරිත් විකාශනය වෙද්දී මෙම පහරදිම කළ බවත් එම හිමියන් පොලිසියට පවසා ඇත.

මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඇල්පිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

හිටපු ජනාධිපති ගෝඨාභය වගඋත්තරකරුවකු කරන්නැයි හිරුණිකා ඉල්ලයි

Admin

බැසිල්ගේ මල්වානේ නිවෙසටත් ප්‍රහාරයක්

colombotoday

ධම්මපාල නාහිමි රාමඤ්ඤ නිකායේ අභිනව මහෝපාධ්‍ය පදවියට

colombotoday

කෝලිගේ කට වසා ලසිත් මාලිංග එක්දින පිටියට සමුදෙයි !

colombotoday

නව ඇමැතිවරුන්ගේ ගැසට්ටුව නිකුත් වෙයි

colombotoday

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට තවමත් ආරක්ෂාව දී නැහැ

Admin