Colombo Today Local News

රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට හේතුව යහපාලනය යැයි කබ්රාල්ගෙන් චෝදනා

මේ වන විට රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට හේතුව කොවිඩ් වාතාවරණය සහ යහපාලන ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පෙන්වා දී තිබේ.

පවතින අර්බුදය සම්බන්ධයෙන් රජය ගන්නා පියවර පිළිබඳව අද (05)දින පැවති විශේෂ මාධ්‍ය හමුවේදී රාජ්‍ය අමාත්‍යවරයා මේබව සඳහන් කර ඇත.

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ,

“2015 සිට 2019 දක්වා අපේ රටේ ආර්ථිකය කෙසේද ඉදිරියට ගියේ. 6.8ක තිබූ වර්ධන වේගය 2.3 දක්වා අඩු වුණා. රුපියලේ අගය රඳවා ගැනීම සඳහා මේ අය අමෙරිකානු ඩොලර් මිලියන 3,089ක් වෙළෙඳපොළට යොමු කළා. එහෙම කළේ නැත්නම් ඒ මුදලත් අපේ සංචිතයේ දැන් තියෙනවා. කොවිඩ් නිසා 2020 දී අපිට දින 66ක් අහිමි වුණා. ඒ කාලය තුළ වර්ධන වේගය -16.7ක් දක්වා අඩු වුණා. ඒක දැවැන්ත ප්‍රශ්නයක්.”

Related posts

මියන්මාරයේ සිර දඬුවම් විඳි ලාංකික ධීවරයින් 7කට නිදහස

colombotoday

අපි පුච්චපු ආප්පයෙන් වැඩක් වුණේ නෑ – හිටපු අගමැති රනිල්

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරමකින් උපයාගත් රුපියල් මිලියන 56ක්

colombotoday

හිස්බුල්ලාගේ බැටික්ලෝ කැම්පස් ගොඩනගන්න ඉඩම ලැබුණු හැටි පාස්කු කොමිසමේ දී හෙළිවෙයි

colombotoday

අරගලයේදී නිවාස හානිවූ ඇමතිවරුන්ට වන්දි දෙනවානම් බස්වලටත් වන්දි ඉල්ලයි

Admin

සුරාබදු දෙපාර්තමේන්තුවටත් පැන්න කොරෝනා නිලධාරියකු බිලි ගනී – 21ක් ලෙඩ කරයි

colombotoday