World

සුඛෝපබෝගී හෝටලයක ප්‍රබල පිපිරීමක්

කියුබාවේ හවානා අගනුවර, සුඛෝපබෝගී හෝටලයක ප්‍රබල පිපිරීමක් සිදුව ඇත.

පිපිරීමෙන් 22 ක් මියගිය බවත් 50 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් විදෙස් මාද්‍ය වාර්තා කරයි.

කඩා වැටුණු මහල්වල සුන්බුන් අතරේ සිරවූවන් මුදා ගැනීම දිගටම සිදුවෙමින් පවතී.

පිපිරීම සිදුව ඇත්තේ පැරැණි හවානා නගරය යන නමින් හැඳින්වෙන ප්‍රදේශයේ පිහිටි සරගෝටා නමැති තරු පහේ හෝටලයේය.

පිපිරීමෙන් හෝටලයේ මහත් කීපයක් සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

පිපිරීම සිදුවී ඇත්තේ ගෑස් කාන්දුවක් හේතුවෙන් යැයි මේ වනවිට අනාවරණය වී ඇත.

මියගිය පිරිස අතර ගැබිනි කාන්තාවක සහ කුඩා දරුවන් කීප දෙනකු සිටින බව කියුබන් ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Related posts

ඩිස්කෝ රාජා අභාවප්‍රාප්ත වෙයි

colombotoday

මහ රැජිණගේ මෘත දේහය බකිංහැම් මාලිගයට

colombotoday

ඉන්දියාවේ නියෝග නොතකන පුද්ගලයන්ට වෙඩිතැබීමට උපදෙස්

colombotoday

ජිහාඩ් අන්තවාදීන් ලෝකයම යුධ බිමක් කරලා – ෆ්‍රැන්සින් පාප් තුමා

colombotoday

“සියලු ඇමරිකානුවන් සඳහා” ජනාධිපතිවරයෙකු වීමට ලෝක බලවතාගෙන් පොරොන්දුවක්.

colombotoday

හිජාබය නිසා තමීම් ඉක්බාල්ගේ බිරිදට ලන්ඩනයේදී ඇසිඩ් ප්‍රහාරයක්..

colombotoday