Colombo Today Local News

සමන්කුලමේ විහාර බිමක බලහත්කාරයෙන් කෝවිලක් හදයි.. පරික්ෂාවට ගිය පුරාවිද්‍යා නිලධාරීන්ට පහරදී එළවයි…

පසුගිය නොවැම්බර් 3 දා දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයින් පිරිසක් මේ ස්ථානයට පැමිණ කෝවිල සංවර්ධනය කිරීම සඳහා මුදල් ආධාර සපයා දීමත් සමගම කෝවිලේ කටයුතු සංවර්ධනය කිරීමට ඉපැරණි බෞද්ධ නටබුන් කඩා ඉවත් කොට තිබේ.

වවුනියාවේ සමලන්කුලම පුරාවිද්‍යා ස්ථානය නිරීක්ෂණය කිරීමට ගිය පුරාවිද්‍යා නිලධාරීන් පිරිසකට එම ස්ථානය බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින හින්දු පූජකවරු පිරිසක් හා ගම්වාසීන් එක්ව පහර දීමකට උත්සාහ කොට තිබේ.

වවුනියාවේ සමලන්කුලම පුරාවිද්‍යා ස්ථානය බෞද්ධ සිද්ධස්ථානයකි.

යුද සමයේදී නිලධාරීන්ට එම ප‍්‍රදේශයට යාමට නොහැකි වූ නිසා හින්දු පිරිසක් එම ස්ථානය බලහත්කාරයෙන් අල්ලාගෙන හින්දු කෝවිලක් ඉදිකොට ඇත්තේ 1985 වසරේදීය.

පසුගිය නොවැම්බර් 3 දා දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයින් පිරිසක් මේ ස්ථානයට පැමිණ කෝවිල සංවර්ධනය කිරීම සඳහා මුදල් ආධාර සපයා දීමත් සමගම කෝවිලේ කටයුතු සංවර්ධනය කිරීමට ඉපැරණි බෞද්ධ නටබුන් කඩා ඉවත් කොට තිබේ.

කඩා ඉවත් කරන ලද ස්ථානයේ නව ඉදිකිරීම් සිදු කිරීමට ගඩොල් වැලි ඇතුළු දේ රැුගෙන විත් තිබේ.

සමලන්කුලම පුරාවිද්‍යා ස්ථානයේ ඉපැරණි දාගැබක් හා නටබුන් පිහිටා ඇති අතර ඒවා විනාශ කොට ඇති බවට පුරාවිද්‍යා නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත එය නිරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේදී හින්දු පූජකවරු හා ගම්වැසියෝ එක්ව නිලධාරීන්ට පහර දීමට උත්සාහ කොට ඔවුන්ව එම ස්ථානයෙන් එළවා දමා තිබේ.

දිවයින

Related posts

විශේෂ මහාධිකරණයේ මහේන්ද්‍රන් ඇතුළු නවයකට නඩු

colombotoday

හෙටත් පාර්ලිමේන්තු යනවාද නැද්ද? ආණ්ඩු පක්ෂය තීරණයක් ගනී….

colombotoday

රුවන් එජාප නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම්.

colombotoday

වෛද්‍ය සභාවේ නව සභාපති සයිටම් හිතවාදියෙක්.. – මහැදුරු කාලෝ කියයි

colombotoday

” ඔමික්‍රෝන් ව්‍යාප්තියට මුහුණ දෙන්න සෞඛ්‍ය පද්ධතිය සූදානම් “

colombotoday

ලක්ෂ 70ක කුඩුත් එක්ක පාකිස්ථානුවා ගුවන්තොටුපළේදී මාට්ටු !

colombotoday