Colombo Today Local News

දඹර අමිල හිමි ඇතුළු ලිට්රෝ ගෑස් හොර පඩි ගත්ත ලිස්ට් එකම මෙන්න…

පසුගිය ආණ්ඩුවේ දේශපාලන හිතවතුන්ට ලිට්රෝ ගෑස් සමාගමේ ගිණුමකින් මාසිකව ලබාදුන් දීමනාවන් සහ එම නම් ලැයිස්තුව අනාවරණය කර ගැනීමට හැකි විය.

එම ලැයිස්තුවේ සඳහන් නම් 57 අතර පූජ්‍ය දඹර අමිල හිමි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජස්ටින් ගලප්පත්ති, ජනක මල්ලිමාරච්චි සහ කොළඹට නුදුරු විහාරස්ථානයක අධිපති පදවිය දරන ප්‍රකට හිමි නමකගේ සොහොයුරියක්ද වෙති.

ඒ අනුව ලිට්රෝ ගෑස් සමාගමේ ව්‍යාපාර සංවර්ධන විධායකවරුන් ලෙස 44 දෙනකුට සහ අමාත්‍යාංශ සම්බන්ධීකාරකවරුන් ලෙස අට දෙනකුටද සීමාසහිත ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා පෞද්ගලික සමාගමෙන් පස් දෙනකුටද මුදල් ගෙවා තිබේ.

ඔවුන් සඳහා රුපියල් ලක්ෂයේ සිට රුපියල් විසිදහස දක්වා වන විවිධ මට්ටමේ දීමනාවන් මාසිකව ගෙවා තිබේ.

මේ පිළිබඳව මුල් වරට හෙළි වූයේ පසුගියදා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයකදී ලිට්රෝ ගෑස් සමාගමේ රහසිගත ගිවිසුමකින් පූජ්‍ය දඹර අමිල හිමියන්ට මාසිකව රුපියල් 95,000ක මුදලක් ගෙවූ බවට කරුණු සැලවීමත් සමඟය.

ඉන් පසුව සිදු කරන ලද ගවේෂණාත්මක විමර්ශනයකදී අනෙකුත් නම් සියල්ලද අනාවරණය කර ගැනීමට අපට හැකි විය. දඹර අමිල හිමියන්ට අමතරව එහි සඳහන් නම් ලැයිස්තුව සහ ඔවුන්ට ගෙවන ලද දීමනා පහත සඳහන් වේ.

– mawbima

Related posts

දෙපා නැති නාඳුනන මළ සිරුරක් ගං ඉවුරක

Admin

අද මැදියම් රැයේ සිට බස් දුම්රිය ගමන් අඩපනයි

colombotoday

ශ්‍රී ලංකා සිතියම වෙනස් වෙයි.. අලුත් සිතියමක් හදයි…

colombotoday

ජනපති ගත් හොඳම තින්දුව යාපනේ නාග විහාරාධිපති හිමි කියයි..

colombotoday

සම්පූර්ණ එන්නත්කරණය වූ ලාංකිකයින්ට එක්සත් එමීර් යන්න පී.සී.ආර්. නෑ..

colombotoday

ගංජා වවන්නත් අවසරයි

colombotoday