Colombo Today Local News

ව්‍යවස්ථා නිර්දේශ ප්‍රසංශනීයයි.. ෆෙඩරල් නෑ.. අනාගමික නෑ.. පරාජිතයින් බොරු බිල්ලෙක් මවනව – JHU

jhu

නව ව්‍යවස්ථාවක් සම්පාදනය සම්න්ධයෙන් රටපුරා පැතිරෙන දුර්මතයන් සම්බන්ධයෙන් කරුණු දැක්වීමේ මාධ්‍ය හමුවක් අද පස්වරුවේ ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විනි. එම අවස්ථාවට ජාතික හෙළ උරුමය වෙනුවෙන් එහි මධ්‍යම කාරක සභික පූජ්‍ය බුදුගල ජිනවංශ හිමියන් සහ ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, මධ්‍යම කාරක සභික බෝසෙත් කළහෙපතිරණ යන අය සහභාගීවූහ.

පළාත්සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ මහතා විසින් මෙම මාධ්‍ය හමුව පැවැත්විමේ අරමුණ පැහැදිලි කරමින් කියා සිටියේ රට පෙඩරල් කරන්න යනවා, ජාතික කොඩිය වෙනස් කරන්න යනවා, ඒකීයභාවය ඉවත් කරලා රට ෆෙඩරල් කරන්න යනවා කියමින් ඒකාබද්ධ විපක්ෂය ඇතුළු පරාජිත දේශපාලන කණ්ඩායම් මේ දිනවල ප්‍රචාරය කරමින් යන කරුණුවල කිසිඳු පදනමක් හෝ සත්‍යතාවක් නොමැති බවත් ඒ සම්න්ධයෙන් කරුණු ඉදිරිපත් කිරිමට මෙහිදී අදහස් කරන බවත් ප්‍රකාශ කරන ලදි. ව්‍යවස්ථා සංශෝධන සම්න්ධයෙන් ජනාධිපතිතුමාගේ මැතිවරණ ප්‍රකාශය වන මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ජනමත විචාරණයට තුඩුදෙන ව්‍යවස්ථා සංශෝධන නොකරන බව පැහැදිලිව ස‍ඳහන් කරලා තියෙනවා.

අපි පැහැදිලිව කියන්න ඕන මේ පරාජිත කණ්ඩායම් විසින් අද රටපුරා යමින් රැස්වීම් පවත්වමින් උස්හඬින් කියමින් කරන්නේ ජනතාවගේ ආවේග ඇවිස්සීමයි. ඔවුන් ඒ ස‍ඳහා පදනම් කරගෙන තියෙන්නේ ලාල් විජේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කමිටුව විසින් පසුගිය දිනවල ඉදිරිපත් කරන ලද වාර්තාවේ නිර්දේශයන් කිහිපයක් පමණයි. ජාතික හෙළ උරුමය විධියට අපිත් මේ වාර්තාවේ ඇතුළත් නිර්දේශයන් බොහොමයකට එකඟ වන්නේ නෑ. ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීම් වලදී රට බෙදන්න යනවා. ෆෙඩරල් කරන්න යනවා. කියලා කියමින් යන්නේ මේ වාර්තාවේ රාජ්‍යයේ ස්භාවය සම්බන්ධයෙන් නිර්දේශ කර ඇති සූත්‍ර තුනක් අතරින් එකක් පමණක් අල්ලාගෙනයි. ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යක් බවට දැනට පවතින විධිවිධානයන් එලෙසම පවත්වාගෙන යායුතු බවත් එහි ඇතුලත් වෙනවා. එයින්ම පැහැදිලි වෙනවා ඒකාබද්ධ විපක්ෂය කරන්නේ මේ වාර්තාවේ තමන්ට වාසි කොටස් ටික පමණක් අල්ලගෙන බොරු බිල්ලෙක් මවන්න උත්සහ කරනවා කියන එක.

ඒ වගේම කියාගෙන යනවා ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් කරන්න යනවා කියලා. මේ කමිටු වාර්තාවේ නිර්දේශ අතර පැහැදිලිවම සඳහන් වනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වන පරිච්ඡේදයේ ස‍ඳහන් පරිදීම බුදු දහමට ලබාදී ඇති ප්‍රමුඛස්ථානය ලබාදිය යුතුයි කියලා. ජාතික කොඩිය ගැන තත්වයත් ඒ වගේමයි. ඒ නිසා අප ඉල්ලා සිටිනවා මේ ගැන උනන්දුවක් දක්වන සියලු දෙනාගෙන්ම මේ කමිටු වාර්තාව අරගෙන කියවලා බලන්න කියලා.

මහින්ද රාජපක්ෂ පාලන සමයේදී සර්ව පාක්ෂික නියෝජිත සමුළුක් කැඳවූවා. ජාතික හෙළ උරුමයත් සහභාගීවූ ඒ කමිටුවේ සභාපති වුනේ ෆෙඩරල් මතධාරියකු වන මහාචාර්ය තිස්ස විතාරණ මහතායි. ඒ අවස්ථාවේත් මිට සමාන අදහස් ඉදිරිපත් වුනා. ඒත් ඒවා ප්‍රායෝගික සිදුවුනේ නෑනේ. ප්‍රජාතන්ත්‍රවාදීව සලකන විට ඕනෑම කෙනෙකුට නිදහස් මත දැරීමට අයිතියක් තිබෙනවා. ඒත් මේ වගේ ප්‍රායෝගික නොවන දේවල් කරන්න ගිහින් රට පඹ ගාලක පටලවන්න එපා කියා කියලා වගකිවයුතු සැමගෙන් අප ඉල්ලා සිටිනවා. මේ යෝජනා වී ඇති සංශෝධන අතුරින් මේ වනවිට සිදුකළ හැකි එකම ව්‍යවස්ථා සංශෝධනය වන්නේ පවතින මනාප මැතිවරණ ක්‍රමය වෙනුවට නව මැතිවරණ ක්‍රමයක් ඇතිකිරීම පමණයි. ඒ නිසා ව්‍යවස්ථා සංශෝධනයේදී ජාතික හෙළ උරුමයට එකඟවන්න පුළුවන් වෙන්නේ මැතිවරණ ක්‍රමයේ සංශෝධනයට පමණයි.

ව්‍යවස්ථා සංශෝධනය වගේම දෙමුහුන් අධිකරණයක් ඇතිකිරීම හා රණවිරුවන්ට දඩුවම් පැනවීම ගැන ඉදිරිපත් වන කරුණු සම්බන්ධයෙනුත් අතිගරු ජනාධිපති තුමන් පසුගිය දවසක මහාසංඝ රත්නය ඉදිරියේ ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය පැහැදිලි කළා. එහිදී එතුමා ශපත කළා තම පාලන කාලය තුල එවැනි කිසිඳු දෙයක් වීමට ඉඩ තබන්නේ නෑ කියලා. ජනාධිපතිතුමා තමයි සේනාධිනායකයා. එතුමා තමයි විධායකයේ ප්‍රධානියා. ඒ නිසා එතුමා ප්‍රකාශ අදහස තමයි රටේ නිල අදහස වන්නේ. අද අපි ඉන්නේ සම්මුතිවාදී ආණ්ඩුවක නිසා නොයෙකුත් පරස්පර විරෝධී අදහස් මතුවන්න පුළුවන්. ඒත් අද වෙනකල් කිසිවකුවත් ජනාධිපති තුමාගේ නිළ මතය අභියෝගයකට ලක්කරලා නෑ.

දැන් ඒකාබද්ධ විපක්ෂෙ අය කියනවා ජාතියේ මලගම අතළගයි කියලා. ඒත් ඇත්තටම සිද්ධවෙලා තියෙන්නේ ෂැඩෝ කැබිනට්ටුවේ මලගමයි. දැන් කිරීමට ඉතිරිව ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයට පාංසකූලය ලබාදීමයි.

මෙහිදී අදහස් දැක්වූ බෝසෙත් කළහෙ පතිරණ මහතා විසින් තුවක්කු බෝම්බවලට යටවූ ජන අදහස් එක්රැස් කිරිමට ලාල් විජේනායක කමිටුව විසින් දරණ ලද උත්සහය එක් අතකින් ප්‍රශංසනීය කාර්යයක් බවත් පානදුරේ පැවති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා උත්සවයේදී අතිගරු ජනාධිපතිතුමන් විසින් දෙමුහුන් අධිකරණයක් ඇතිකිරිමට හෝ විදේශ විනිසුරන් ගෙන ඒමට හෝ රණවිරුවන්ට දඩුවම් පැනවීමට තම පාලන කාලය තුළ ඉඩ නොදෙන බවට කළ ප්‍රකාශයෙන්ම ඒකාබද්ධ විපක්ෂය ගෙනයන බොරු ප්‍රචාරය පුස්සක් බවට පත්වන බවත් සංහිදියාවේ මුවාවෙන් පැරදුනු ෆෙඩරල් මතවාදය නැවත පාසැල් දරුවන්ට ජනතාවට කාවැද්දීමට දරන උත්සහය මතවාදීව පරාජය කිරීමට තම පක්ෂය සුදානම් බවද ප්‍රකාශ කර සිටියේය.

මාධ්‍ය ඒකකය
ජාතික හෙළ උරුමය

Related posts

ශ්‍රී ලංකා පොලිසියේ ස්ථාන මාරුවීම් ගැන ඇමරිකා, ඕස්ට්‍රේලියා තානාපතීන්ගෙන් බලපෑම්…

colombotoday

ඉන්දියාවේ සිට නීතිවිරෝධීව ගෙන ආ තවත් කහ තොගයක් මන්නාරමෙන් සොයාගනී

colombotoday

නව දේශීය ආදායම් පනතෙන් පූජනීය ස්ථානවලටත් බද්දක් !

colombotoday

මාර්තු 31 සිට තහනම් වන භාණ්ඩ

colombotoday

“හොරු එලවන්න ආපු මට, දැන් හොර කල්ලියක් එක්ක ඉන්න වෙලා“ – ජනපති

colombotoday

බූස්සේ සිරකරුවෙක් පලායයි

colombotoday