Colombo Today Local News

වල්අලි 6ක් නිවෙසක් බිමට සමතලා කරයි

හල්දුම්මුල්ල කොස්ලන්ද නාඋල්ල නිවසකට අද අලුයම 4.00 ට පමණ එල්ල වූ වන අලි ප්‍රහාරයකින් එම නිවස මුළුමනින්ම විනාශ වී පොළොවට සමතලා කර ඇතැයි හල්දුම්මුල්ල ආපදා කළමනාකරණ අංශයේ ආපදා සහන නිලධාරී වසන්ත කුමාර මහතා පවසයි.

මෙසේ වන අලි රෑනක් පැමිණ මුළුමනින්ම විනාශ කර දමා ඇත්තේ කොස්ලන්ද නාඋල්ල පී ඩී පේදිරික් ජයසේන නමැති 65 හැවිරිදි ගොවි මහතෙකුගේ නිවස බවද කියයි.

නිවසියන් ඥාති නිවසකට ගොස් සිටියදී මෙම වන අලි ප්‍රහාරය එල්ල වී ඇතැයිද වල්අලි 6 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි ද ආපදා කළමනාකරණ අංශය සඳහන් කරයි.

Related posts

විරෝධතාවයේ යෙදුණු 52ක් අත්අඩංගුවට

colombotoday

බෝවෙන රෝගයක්‌ වගේ පිළිකා පැතිරෙනවා… හේතුව මෙන්න!

colombotoday

මන්ත්‍රීවරියන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලන හැටි ඇමැති රංගේබණ්ඩාර හෙළිකරයි

colombotoday

‘අපි තව ටිකක් ඉවසීමෙන් යං’

colombotoday

සතොස සුදු සීනී කිලෝවක් 275යි

Admin

74 වන නිදහස වෙනුවෙන් සිරකරුවන් 197 ට නිදහස

colombotoday