Colombo Today Local News

මාස 6ක් අත්‍යවශ්‍ය භාණ්ඩ 15කට ස්ථාවර මිලක්

ඉදිරි මාස 6ක කාලය තුළදී අත්‍යවශ්‍ය භාණ්ඩ 15කට ස්ථාවර මිලක් පවත්වාගෙන යාම සඳහා ගිවිසුම් අත්සන් කරන බව වෙළඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීය.

හාල්, පිටි, සීනි, පරිප්පු, සැමන් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 15ක මිල ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ආනයනකරුවන්, නිෂ්පාදකයන් හා වෙළඳ ආයතන අතර ගිවිසුම් අත්සන් තැබෙන බවද ඇමැතිවරයා කීය.

ඒ සඳහා අද(26)දින එක් එක් අත්‍යවශ්‍ය භාණ්ඩයක් සඳහා වෙන් වෙන් වශයෙන් ගණනය කරනු ලබන බවද, බන්දුල ගුණවර්ධන මහතා කීය.

මෙම ගිවිසුම්වලට බොහෝදුරට මේ සතියේ ම අත්සන් තැබෙන බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

Related posts

සාක්ෂි විමසා අවසන්.. අගමැති බැදුම්කර කොමිසමෙන් පිටවෙයි !

colombotoday

ඇප අයඳුම්පත් සලකා බලන්න අලුත් ක්‍රමයක්

colombotoday

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට දීමට රජය එකග වෙයි.. මිලියන 1000ක අලාභයක් !

colombotoday

ද්‍රවිඩ සන්ධාන ඉල්ලීම ඉටුවේ.. මන්නාරම STF කදවුර ගලවා ඉවත් කෙරේ

colombotoday

මඩකලපුව කතෝලික දේවස්ථානයෙ ප්‍රහාරයෙන් 25ක් මියගිහින්, 300ක් රෝහලේ

colombotoday

පක්‍ෂව 159යි… විපක්‍ෂව 52යි… අයවැය සම්මතයි

colombotoday