Colombo Today Local News

ව්‍යාපාර ප්‍රවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවේ සහය

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවේ සහය ලබාදෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් කෙනිච් යොකෝයාමා මහතාඊයේ (05)දින ජනාධිපතිවරයා හමුවෙමින් සඳහන් කළේ ය.

කෙනිච් යොකෝයාමා මහතා මෙහිදී පැවසුවේ, මෙරට ව්‍යාපෘති වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව පසුගිය වසරේදී ලබාදුන් ඩොලර් මිලියන 750 ක සහනදායී ණය මුදල ලබන වසරේදී රුපියල් ඩොලර් බිලියනයක් දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බවයි.

කාබනික පොහොර නිෂ්පාදනය සහ නයිට්‍රජන් නිස්සාරණයට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට මැදිහත්වන ලෙස ජනාධිපතිවරයා ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම ආර්ථික වශයෙන් ඵලදායි වගාවන් මගින් වන ආවරණය වැඩි කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහය අපේක්ෂා කරන බව ද පවසා ඇත.

Related posts

රාජ්‍ය ආයතනයකට පාඩු කළා යැයි පවසමින්, මලික් සමරවික්‍රමට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

colombotoday

“කුරිරු යුද්ධය නිමකර රට ස්වයංපෝෂිත කළ ජාතියේ නායකයා මහින්දයි” – දයාසිරි ජයසේකර

colombotoday

ගෝඨාට එරෙහි උපවාසය සජිත් ඇවිත් උණුවතුර පොවා නතර කරවයි

colombotoday

ඇමතිලාගේ, කාර්ය මණ්ඩලයේ වියදම් කපන යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි…

colombotoday

අර්ථසාධක අරමුදලේ ආයෝජනවලටත් රවී තට්ටු කරයි.. 14% ක බද්දක් ගහන්න යයි !

colombotoday

අයවැය සැකසීමේදී ලැබී ඇති කිසිදු ඉල්ලීමක් ඉවත දමන්නේ නැහැ – මුදල් රාජ්‍ය ඇමති කියයි

Admin