Colombo Today Local News

පිටිකළ අලිගැට පේර – වට්ටක්කා අපනයනයට පියවර

පිටිකළ අලිගැට පේර සහ පිටිකළ වට්ටක්කා වැනි ශ්‍රී ලංකාවේ නව සුපිරි ආහාර නිෂ්පාදන, ජෝර්දානනය වෙත අපනයනය කිරීමේ වැඩ පිළිවෙලක් සකස් කර ඇතැයි ජොර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් හඳුනා ගනු ලැබ ඇති ටීටොක් සමාගම මෙම අපනයනය සදහා හවුල් වී සිටින බවද එම තානාපති කාර්යාලය කියා සිටී.

ප්‍රධාන වශයෙන් ලංකා තේ අපනයනය කිරීමෙන් අනතුරුව විවිධාංගීකරණය වූ ටීටෝක් සමාගම දැන් නව්‍ය අගය එකතු කළ ශ්‍රී ලාංකික නිපැයුම් නිෂ්පාදනය කරන අතර, වැනිලා කරල් ආකාරයෙන් ජෝර්දාන් වෙළඳපොළට අපනයනය කිරීම ද ආරම්භ කොට ඇත.

මෙතෙක් ජෝර්දානයට ඇතුළු නොවූ ශ්‍රි ලංකා නිෂ්පාදන රැසක් ටිටොක් සමාගම හරහා ජෝර්දානයට යැවිමට අපේක්ෂිතය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, සක්‍රීය ලෙස ශ්‍රී ලංකා අපනයන ජෝර්දානයට ගෙන යාම සඳහා වන ඔවුන්ගේ ක්‍රියාකාරී වාණිජ කටයුතුවල කොටසක් ලෙස, මීට පෙර ශ්‍රී ලාංකික අපනයනකරුවන්ගේ සාම්ප්‍රදායික වෙළඳපොළක් ලෙස සලකනු නොලැබූ ජෝර්දානයෙ වෙත තවත් නව නිෂ්පාදන ගෙන ඒමට පියවර ගෙන තිබේ.

Related posts

මහනුවරදී ජනපති, හිටපු ජනපති මහනුවරදී හමුවෙයි…

colombotoday

පොහොට්ටුවේ කණ්ඩායම් රැස්වීමක්

colombotoday

කොරෝනා ආසාදිතයින් අතර නාවික සෙබලෙක්

colombotoday

තිහාරියේ මුස්ලිම්වරුත් පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතික්ෂේප කරති.

colombotoday

ලබන වසරේ පුර පසළොස්වක පෝය දිනයන් ගැසට් කෙරේ

colombotoday

සජිත්ගේ ගෝලයෝ කොටියෙක් මරා දත් ගලවයි.. යහපාලන අවකෙළි තව ඉවසනු බෑ, වනජීවී ලොක්කා ගෙදර යයි

colombotoday