Colombo Today Local NewsUncategorized

වරායේ ඇති කිරිපිටි කන්ටේනර් නිදහස් කරගන්න තවමත් සල්ලි නෑ

වරායේ ඇති කිරිපිටි කන්ටේනර් දොළහ නිදහස් කර ගැනීමට මහ බැංකුවෙන් නිකුත් කළ මුදල් තවමත් ලැබී නැති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය පවසයි. එසේ මුදල් නොලබුණහොත් ඇණවුම් කර ඇති තවත් කිරිපිටි ටොන් දහසක් ඉන්දුනීසියාවට හෝ බංග්ලාදේශයට හරවා යැවීමට සිදුවන බවත් ඔහු පවසයි.

ඊයේ (5) සහ පෙරේදා (4) යන දින දෙක ඇතුළත මෙම කිරිපිටි තොග නිදහස් කර ගැනීමට අවශ්‍ය මුදල් ලැබෙනු ඇති බවට ආනයනකරුවන් අපේක්ෂා කළ ද එම මුදල් මෙතෙක් ලැබී නොමැත.

එසේම කිරිපිටි කිලෝග්‍රෑම් එකක් වරායෙන් නිදහස් කර ගැනීමට රුපියල් එකසිය හැත්තෑවක මුදලක් ගෙවීමට සිදුවන බව එම සංගමය සඳහන් කරයි.

මෙම තත්ත්වය මත කිරිපිටි කිලෝග්‍රෑම් එකකට රුපියල් දෙසීයක මුදලක් වැඩිකිරීමෙන් පසුද කිලෝවක් රුපියල් එක්දහස් එකසිය හතළිස් පහකට දීමට හැකියාවක් නැති බවත් වරායෙන් නිදහස් කරගන්නා විටම කිරිපිටි කිලෝග්‍රෑම් එකකට රුපියල් එක්දහස් දෙසිය හැටකමුදලක් ගෙවීමට සිදුවන බවත් ලක්ෂ්මන් වීරසූරිය පවසයි.

අදාළ කිරිපිටි තොගය වරායෙන් නිදහස් කර ගැනීමට නොහැකි වීමේ තත්ත්වය මත නැව් සමාගම්වලට රුපියල් ලක්ෂ හතළිහක පමණ ප්‍රමාද ගාස්තුවක් ඊයේ (5)දිනය වන විට ගෙවීමට සිදුවන බවද කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

Related posts

පොල් මිළ ඉහළ යද්දී ෆාම් තෙල් කලවම් බාල පොල්තෙල් වෙළඳපොලට !

colombotoday

ඉන්දියාවෙන් ආපු දරුණු හමේ ලෙඩක් රට පුරා

colombotoday

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනය අවසන්

colombotoday

හෙට ග්‍රාම නිලධාරීන් ලෙඩ වෙයි

colombotoday

‘ලංකාව අරාබියක් කරමු’ සගරා තොගයක් මුද්‍රණයේ .. – ඇණැවුම අරාබි පාසැලකින්

colombotoday

බූස්ටර් එන්නත ගැබිනි මව්වරුන්ටත්

colombotoday