Colombo Today Local News

බැසිල් වෙනුවට පොහොට්ටුවෙන් ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසමට

බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ධම්මික පෙරේරා මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා මේ බව තහවුරු කර ඇත.

ධම්මික පෙරේරා මහතා මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකි.

ඔහු කලක් ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ද කටයුතු කළේ ය.

ජූනි 8 වන දා ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ද ලබා ගෙන තිබිණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඊයේ (9)දින ඉල්ලා අස්විය.

Related posts

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුධූරය ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩට

colombotoday

පරිසර ලොක්කො ජනපති අන්දලා.. රුසියාවේදී අත්සන් කල විල්පත්තු ගැසට් එක අමු ප්‍රෝඩාවක් !

colombotoday

ශ්‍රී ලංකාව සහ CEPA – ඉන්දියානුවෙකුගේ ඇසින්

colombotoday

සයිටම් සිසුන් 982ක් කොතලාවල වෛද්‍ය පීඨයට අනුයුක්ත කෙරෙන පනත සම්මතයි

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

colombotoday

ප්‍රදේශ රැසකට තද වැසි

colombotoday