Colombo Today Local News

ශ්‍රී ලාංකිකයින්ට සිංගප්පූරුවේ රැකියා ලබාදීමට එරට රජය එකග වෙයි

මෙරට තුළ මේ වන විට පවතින දැඩි ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලාංකිකයින්ට සිංගප්පූරුව තුළ රැකියා අවස්ථා ලබාදීමට එරට රජය එකග වී තිබේ.

මෙරට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් සහ සිංගප්පූරු විදේශ ඇමති, මුදල් ඇමති සහ කර්මාන්ත ඇමති සමග සිදුකළ සාකච්ඡාවක මෙම එකගතාවය පළ කර ඇත.

මෙරට වන විට සිංගප්පූරුවේ රැදී සිටින ජී. එල්. පීරිස් අමාත්‍යවරයා එරට රජයෙන් ඉල්ලා ඇත්තේ සිංගප්පූරුව වෙත සිදුකරන අපනයන තවදුරටත් ඉහළ නැවීමට සහයා ලබාදෙන ලෙසයි.

එමෙන්ම මෙරට ශ්‍රමිකයින්ට රැකියා ලබාදීමට අවස්ථාව ලබාදෙන ලෙසයි.

ඒ අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියා කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට සිංගප්පූරුව තීරණය කර ඇත.

Related posts

කොකේන් කමිටුව ස්වාධීන නෑ… රන්ජන්ගෙන් අලුත් චෝදනාවක් !

colombotoday

චීනයේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකිකයින් චීනයෙන් පිටුවහල් කරයි

Admin

රත්‍රං මිල ‍යළි ඉහළට

Admin

බැදුම්කර බෑණා ගේ කල්කුඩා අරක්කු කම්හලට සුපිරි බදු සහනයක්

colombotoday

රජයේ බැංකු නිලධාරීන්ට දෙන උපදෙස් ක්‍රියාත්මක නොකරයි නම් ඔවුන් ඉවත් කරනවා- ජනපති

colombotoday

කොවිඩ් සිරුරු භුමදානයට ඉරණතිව් දුපත තෝරාගැනීම ජාතිවාදයක් ඇතිවිය හැකි – රවුෆ් හකීම් කියයි

colombotoday