Colombo Today Local News

මහවැලි බී කලාපයේ ගොවී නායකයින් වී සදහා පාලන මිලක් වෙනුවට සහතික මිලක් ඉල්ලයි

වී සඳහා පාලන මිලක් වෙනුවට සහතික මිලක් ලබාදෙන ලෙස මහවැලි බී කලාපයේ ගොවී නායකයින් රජයෙන් ඉල්ලයි.

රජය විසින් වී සඳහා පනවා ඇති පාලන මිලට විරෝධය පළ කරමින් කැඳවු මාධ්‍ය හමුවකදී ගොවීන් මේ බව කියා සිටියේය.

“එදා අපිට හතුරෙක් වෙලා හිටපු මෝල් හිමියෝ, පෞද්ගලික වෙළෙන්ඳන් අද අපේ මිතුරෙක් වෙලා ඉන්නවා. අපිට සාධාරණ මිලක් දුන්නේ මේ මහමොල් හිමියෝ. ගුරුවරුන්ට පුළුවන් නම් උගන්නන්නේ නැතුව ඉන්න.. අපිටත් පුළුවන් කුඹුරුවලට බහින්නැතුව ගෙදරට වෙලා ඉන්න. අපි ආණ්ඩුවට කියනවා එන කන්නේ අපි කුඹුරු වැඩ කරන්නේ නෑ.” යැයි ගොවීන් සඳහන් කරයි.

මේ අතර වී සඳහා පාලන මිලක් නියම කිරීමට විරෝධය පළ කරමින් දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් වී මිටි රැගෙන අද ප්‍රාදේශීය සභාව වෙත පැමිණ තිබුණි.

Related posts

නාග ගෝත්‍රිකයින් වශයෙන් ජීවත් වුණේ දෙමළ ජනතාවයි.. ලංකාවේ දෙමළ සංස්කෘතික සංහාරයක් වෙන්න ඉඩ දෙන්නේ නෑ..

colombotoday

ඉතිහාසයේ දිනක් තුළ විශාලතම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය හෙට

Admin

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර රෝහලට

Admin

යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙක් මරුට

Admin

ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙක් අල්ලස් දැලේ

colombotoday

කොවිඩ් දේහ භූමදානය සම්බන්ධ ස්ථාවරයේ කිසිදු වෙනසක් නෑ..

colombotoday