Colombo Today Local News

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනය : තවත් සැකකරුවෙකු CID අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පස්යාල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හා ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 30 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පසුගිය මැයි 9 වැනිදා නිට්ටඹුව නගරයේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා අතරතුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හා ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි.

Related posts

ඥාණසාර හිමි සහරාන් ගැන විස්තර 2014 වසරේදී තම අත්අකුරින්ම මාධ්‍යවේදීන්ට ලබාදීලා

colombotoday

එන්නත නොගත් කිසිවෙකුට පොදු ස්ථානවලට ඇතුළුවීම තහනම්.

colombotoday

IOCයෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් මිල දී ගැනීමට අනුමැතිය

colombotoday

රිෂාඩ් බදුර්දින්ගේ යටි මඩි, මෙගා ඩීල් එළියට.. ජනතා මුදල් කෝටි ගණනකට ඇරපු හැටි මෙන්න

colombotoday

රත්‍රන් තොගයක් සමග කාන්තාවක් කටුනායකදී අල්ලයි

Admin

ලාෆ් ගැස් මිල ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරියෙන් අවසර

colombotoday