World

සංචාරකයින් රැගත් ලොව පළමු අභ්‍යවකාශ යානව ගුවන්ගත වෙයි

සංචාරකයින් රැගත් ලොව පළමු අභ්‍යවකාශ යානව අද (16) ගුවන්ගත කර තිබේ.

ස්පේස් එක්ස් රොකට්ටුවක් යොදාගෙන එය අභ්‍යවකාශගත කර තිබූ අතර ගගනගාමී නොවන පිරිසක් දීර්ඝ අභ්‍යවකාශ ගමනක් සඳහා එක්වූ පළමු අවස්ථාව ලෙසින් මෙය ඉතිහාසයට එක්වෙයි.

ඒ අනුව අභ්‍යවකාශ සංචාරකයින් රැගත් ලොව පළමු කක්ෂීය යානාව අමෙරිකාවේ කෙනඩි තුඩුවෙන් ගුවන්ගත කෙරුණි.

ඉන්ස්පිරේෂන් ෆෝ (Inspiration4 ) ලෙසින් නම්වන මේ විප්ලවීය මෙහෙයුම යටතේ පුද්ගලයින් සිව්දෙනෙකු අභ්‍යවකාශය වෙත රැගෙන ගිය අතර, ඔවුන් කිසිවෙකුත් පුහුණු ගගනගාමීන් නොවීම මෙහි ඇති විශේෂත්වයකි.

ස්පේස් එක්ස් සමාගමට අයත් රොකට්ටුවක් යොදාගෙන නාසා ආයතනයේ ද මැදිහත්වීමෙන් මෙම මෙහෙයුම දියත් කර තිබුණි.

අඩි 13ක් පළලින් යුතු ඩ්‍රැගන් කැප්සූලයේ රැඳී සිටින ලොව පළමු විශ්ව සංචාරකයින් පිරිස පෘථිවියෙන් සැතපුම් 350ක් ඉහළ අභ්‍යවකාශයේ තෙදිනක් ගතකරනු ඇත.

ඒ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය රඳවා ඇති කක්ෂයටත් වඩා සැතපුම් 100ක් පිටතින්වීම තවත් විශේෂත්වයකි.

මෙහිදී ඔවුන් නිදහස් පියාසරියක් යටතේ පෘථිවි කක්ෂය වටා භ්‍රමණය වනු ඇතැයි අපේක්ෂිතය.

මානව ඉතිහාසයේ විප්ලවීය පියවරක් සනිටුහන් කළ මෙම අභ්‍යවකාශ චාරිකාව සඳහා මූල්‍ය දායකත්වය සැපයූ අමෙරිකානු ජාතික බිලියනපතියෙකු වන ව්‍යාපාරික ජෙරඩ් අයිසැක්මැන් ද මෙම චාරිකාවට එක්වී සිටී.

පිළිකාවක් වැලඳී සුවලැබූ 29 හැවිරිදි හේලි ආර්සෙනූ, 51 හැවිරිදි ගුරුවරියක වන ෂෝන් ප්‍රොක්ටර් සහ 42 හැවිරිදි අභ්‍යවකාශ ලෝලියෙකු වන ක්‍රිස් සෙම්බ්‍රොස්කි මෙම අවස්ථාව හිමිකරගත් අනෙක් තිදෙනාය.

Related posts

ලොව ධනවත්ම කාන්තාවකගෙන් සුවිසල් ආධාරයක්

colombotoday

ගාසා ගොඩබිම් ආක්‍රමණයකට සූදානම් – නෙතන්යාහු කියයි

Admin

බූස්ටර් මාත්‍රාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

colombotoday

දෙවැනි එලිසබෙත් මහ රැජිණ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ඩොනල්ඩ් ට්‍රම්ප්ට මුස්ලිම් ඡන්ද එකක්වත් එපාලු

colombotoday

ඉස්ලාම් ආගමට සම්බන්ධ සියළු දේ තහනම් කරයි.. චීනයේ මුස්ලිම් අයට වෙන්න යන දේ මෙන්න !

colombotoday