
තවත් කොරෝනා ආසාදිතයින් 173දෙනෙකු අද (06) දිනයේ වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පැවසීය.
ඒ අනුව අද දිනයේ වාර්තා වූ දෛනික ආසාදිතයින් ගණන 741කි.
ඒ අතර විදේශ ගතව සිට පැමිණ හඳුනාගත් ආසාදිතයින් දෙදෙනෙකුද සිටී.
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 568,423ක් දක්වා ඉහළගොස් ඇත.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com