Colombo Today Local NewsUncategorized

බී.ඕ.අයි ඉල්ලා අස්වීම් ජනපති ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයෙ ඉල්ලා අස්වීම බාර ගැනීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ බව ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතාට ලිපියක් මගින් දැනුම් දෙනු ලැබ ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහ එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය ධුරවලින් ඉල්ලා අස්වීමේ ලිපි පසුගිය සතියේ ජනාධිපතිවරයා වෙත යවා තිබිණි.

එසේ වුවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගිය දින කිහිපයේම සේවයට වාර්තා කර ඇතැයි ද දැනගන්නට ඇත.

ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා ඉකුත් දින කීපයේ සේවයට වාර්තා කර නැති අතර, ඔහුගේ නිල රථය රියැදුරු ද සමග ආයෝජන මණ්ඩල කාර්යාල වෙත එවා ඇතැයි ද වාර්තා වේ.

Related posts

ගොයම් කහ පැහැවීමට කාබනික පොහොර හේතු වී නැහැ – වී පර්යේෂණායතනය කියයි

Admin

වසංගත රෝග පාලන අමාත්‍යාංශ ලේකම් තනතුරින් දොට්ට

colombotoday

කාදිනල් විරෝධය අකුලාගනී.. ලෝකෙ ලොකුම නත්තල් ගහ අගමැති අණින් යලි ඉදිවෙයි

colombotoday

ඇමති ජෝන් ජනපති අණට උඩින් යයි.. මන්නාරම නොසන්සුන් !

colombotoday

තෙල් සංස්ථාවේ යකා නැටූ නාගරික මන්ත්‍රී අත්අඩංගුවට…

colombotoday

වරායේ සේවකයින් ආරම්භ කළ උපවාසය තවදුරටත්

colombotoday