Covid 19

තවත් තහවුරු කල කොරෝනා මරණ 180ක්

තවත් කොරෝනා මරණ 180 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කරනු ලැබීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 10,320 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 97 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 83 දෙනා කාන්තාවන් ය.

වාර්තා වූ කොරෝනා මරණ අතර වයස අවුරුදු 30ට අඩු ආසාදිතයින් 7 දෙනෙක් සිටිති.

මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 40 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 133 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

අද (06)දින වාර්තා කරන ලද මෙම මරණ 180 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

Related posts

කොරෝනා ආසාදනය වු දෙදෙනා ඇසුරු කළ 65 ක් හදුනාගැනේ !

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 2,232ක්

colombotoday

යුක්‍රේන සංචාරකයින් රැගෙන ගිය සෆාරි ජීප් රියදුරන් නිරෝධායනයට

colombotoday

පාර්ලිමේන්තු ගිය ප්‍රධාන පුවත්පතක තවත් මාධ්‍යවේදියෙකුට කොරෝනා ආසාදනය වෙයි

colombotoday

කොවිඩ් වැළඳුනු දයාසිරි ජනපති කාර්යාලයටත් ගිහින්

colombotoday

තවත් කොවිඩ් ආසාදිත රැඳවියන් 42 ක් හදුනා ගනී

colombotoday