Colombo Today Local News

සරුංගල් යැවීමට වත්තකට ගිය සිසුවකුට මුරකරු වෙඩි තියලා

කැකණදුර මොටාගෙදර දොලහේන වත්තේ සරුංගල් යැවීම සදහා මිතුරකු සමග ගිය 15 හැවිරිදි පාසල් සිසුවකුට වෙඩි තබා තුවාල සිදු කළ බවට සැකපිට එම වත්තේ මුරකරු අත්අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය කියයි.

පාදයකට තුවාල සිදු වීම නිසා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර ඇත්තේ තල්පාවිල මහ විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි.

ඔහු මිතුරකු සමග අදාල වත්තට ඇතුළු වී සරුංගල් යවා තිබෙන බව කියති.

ඒ සමගම මුරකරු වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එම අවස්ථාවේ දී මිතුරා පැන ගොස් තිබෙන අතර කකුලට තුවාල වු සිසුවා හෙමින් සීරුවේ නිවසට ගොස් ඇත.

පසුව දෙමාපියන් විසින් ඔහු මාතර මහ රෝහල වෙත රෑගෙනවිත් ඇතුලත් කර තිබේ.

සැකපිට අත්අඩංගුවට ගත් 61 හැවිරිදි මුරකරු පොලීසිය වෙත ප්‍රකාශ කර ඇත්තේ බියවැද්දීම සඳහා අහසට වෙඩි තැබූ බවයි.

කෙසේ වෙතත් පාසල් සිසුවාට වෙඩි වැදී තුවාල සිදු වී ඇත්ද නැතහොත් වෙනත් ආකාරයකින් තුවාලයක් සිදු වී ඇත්ද යන්න පරීක්ෂා කිරීම සදහා ඔහු මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නැංවීමට, කොන්දේසි මත ඇමරිකාවෙන් ආධාර.. පනතකුත් සම්මතකරගනී

colombotoday

ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම් අද

colombotoday

ඕනෑම මැතිවරණයකට සූදානම් – මැකෝ

colombotoday

බීමත්ව රිය පදවා අනතුරක් කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න අත්අඩංගුවට

colombotoday

උතුරු නැගෙනහිරට ඊළාම් රාජ්‍යයක් ඉල්ලා ව්‍යවස්ථා සංශෝධනයට යෝජනා දෙයි

colombotoday

මුව ආවරණ, මීටරේ දුර කොරෝනා නීති පාර්ලිමේන්තුවට අදාල නෑ..- සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි

colombotoday