Colombo Today Local News

රනිල්ගේ සබඳතා අද මායාවක් වෙලා : රටේ ප්‍රශ්න විසඳන්න මෙලෝ උත්සහයක් නෑ… ආර්ථිකය කාබාසිනියා කරනවා… – විමල්

රනිල් වික්‍රමසිංහට ජාත්‍යන්තර සහයෝගය තිබේ යැයි කියන මතය අද මායාවක් බවට පත්වී ඇති බවත් ප්‍රශ්නවලින් පිරුණු රටකට තවත් ප්‍රශ්න ඉදිරිපත් කරන්නෙක් අවශ්‍ය නැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ ඊයේ (21)දින පාර්ලිමේන්තුවේදී පැවසීය.

රටේ ප්‍රශ්න විසඳීම සඳහා අගමැතිට මෙලෝ උත්තරයක් තිබෙන බවක් පෙනෙන්නට නැති බවද විමල් වීරවංශ කීය.

ප්‍රශ්නවලින් පිරුණු රටකට තවත් ප්‍රශ්න ඉදිරිපත් කරන්නෙක් අවශ්‍ය නැතැයි ද අවශ්‍ය වන්නේ, ප්‍රශ්නවලට උත්තරයක් යැයි ද ඔහු පැවසීය.

ගොවියාට පොහොර ටික දෙන්න බැරි ඇමැතිකම් කන්න දැයි ඇසූ වීරවංශ මන්ත්‍රීවරයා ආණ්ඩුවේ වගකීම් විරහිත ගමන ගැන අප්‍රසාදයක් ඇති නමුත් ජනතා ප්‍රශ්න කතා කරන්නට තිබෙන පාර්ලිමේන්තුව අතහැර නිවාඩු ගන්නට සූදානම් නැති බව ද සඳහන් කළේ ය.

වගකීම් විරහිත ආණ්ඩුව මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්නේ නැතිව ආර්ථිකය කාබාසිනියා කරමින් සිටින බව ද විමල් වීරවංශ මහතා වැඩිදුරට ත් කීය.

Related posts

අල් හුසේන්ට එරෙහිව විරෝධතා කළාට විමල් ඇතුළු 7ක් උසාවි කැදවයි.. ලක්ෂය බැගින් ඇප

colombotoday

නාමල් ට එරෙහි නඩුවක් කල් යයි

Admin

ගෝඨා අත්අඩංගුවට ගැනීමට සූදානම්.. ඉහළින් නියෝගය ලැබෙන තුරු FCID සීරුවෙන් !!

colombotoday

ජාතික රෝහලේ සායනවලට එන රෝගීන්ට විශේෂ දැනුම්දීමක්

colombotoday

හමුදාවට සරදම් කරමින් රටින් පිට ඊළාම් ආණ්ඩුවේ නියෝජිතයාට ලංකාවේ දොර ඇරේ !

colombotoday

සියලුම සංචාරක කලාප රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස්

Admin