Colombo Today Local News

ඇමෙරිකානු බැංකුවක් ශ්‍රී ලංකාවට එරෙහිව නඩු මගට

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙන ශ්‍රී ලංකාව, ණය ගෙවීම පැහැරමට ගත් තීරණය සම්බන්ධයෙන්, ඇමෙරිකානු බැංකුවක් ශ්‍රී ලංකාවට එරෙහිව නඩු මගට යොමු වී ඇතැයි ‘බ්ලූම්බර්ග්’ පුවත් සේවය උපුටා දක්වමින් ‘ඩේලි මිරර්’ වෙබ් අඩවිය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට එරෙහිව, නිව්යෝර්ක් ෆෙඩරල් උසාවියේ නඩුව ගොනු කර ඇත්තේ, ‘හැමිල්ටන් රිසර්ව්’ නමැති බැංකුවය.

ශ්‍රී ලංකාවේ සියයට 5.875 ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් ඩොලර් මිලියන 250 කට වඩා වැඩි මුදලක් හිමි මෙම ‘හැමිල්ටන් රිසර්ව්ස්’ බැංකුවට යැයි පැවැසෙයි.

‘හැමිල්ටන් රිසර්ව්ස්’ බැංකුව නඩු පවරා ඇත්තේ ශ්‍රී ලංකාව මුලික හා පොලී සම්පූර්ණයෙන් ගෙවිය යුතු බව පෙන්වා දෙමින් යැයි ද ‘බ්ලූම්බර්ග්‘ පුවත් සේවය උපුටා දක්වමින් ‘ඩේලිමිරර්‘ පවසයි.

Related posts

නව අධිකරණ ශාලා 100ක් ඉදි කිරීමට සැලසුම්

colombotoday

අතුරුදන්වූවන් පිළිබද කාර්යාලය කඩිනමින් ක්‍රියාත්මක කරන්න ඉල්ලයි

colombotoday

රටේ වැසියන් ණයකාරයන් කර ඇති රටක මොන නිදහස් උත්සවද? නිදහස් දින උත්සවය මහින්ද අමරවීර වර්ජනය කරයි

colombotoday

වවුනියාව කොක්එලිය ගම්මානයේ සිංහලයන් පන්නා දමයි – උතුරෙන් පිටවෙන්නැයි හිටපු මහ කොටියෙකුගෙන් තර්ජණ !

colombotoday

බන්දුලගේ ’’උණ්ඩුකපුච්ච’’ න්‍යාය විග්‍රහ කරමින් සිටිනවා

Admin

පාස්කු දා ප්‍රහාරය මනුෂ්‍ය වර්ගයාටම නිගාවක්

colombotoday