Colombo Today Local News

මැති සබේ ජල-විදුලි වියදම කෝටි 8 ක්

පවතින ආර්ථික තත්වය හමුවේ පාර්ලිමේන්තුවේ විදුලිය සහ ජලය වෙනුවෙන් වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් කෝටි අටක් දක්වා ඉහළ නැග ඇතැයි එහි මූල්‍ය වාර්තාවල සඳහන් වේ.

පාර්ලිමේන්තු සංකීර්ණයට විදුලිය සහ ජලය සැපයීම සඳහා 2020 වර්ෂයේදී පමණක් රුපියල් හත් කෝටි හතළිස් හය ලක්ෂ විසි පන් දහස් තුන්සිය විසි තුනක (74,625,323.28) මුදලක් වැයවී ඇතැයිද එම වාර්තා පෙන්වා දෙයි.

විදුලිය සහ ජලය වෙනුවෙන් වැඩිම මුදල් ප්‍රමාණය වැය වන්නේ පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවන්හිදී බව එහි නිලධාරීහු පවසති.

මැතිසබය රැස්වන අවස්ථාවන්හිදී වායු සමීකරණ පද්ධති සහ විදුලි සැපයුම පැය 24 පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වන හෙයින් ඒ සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව පවසන එම නිලධාරීහු පවතින ආර්ථික තත්වය හමුවේ ජලය සහ විදුලිය වෙනුවෙන් වූ වැය බර ඉදිරියේදී තවත් වැඩිවිය හැකි බවද පෙන්වා දෙති.

පාර්ලිමේන්තු කමිටු රැස්වීම් සඳහාද වාර්ෂිකව ලොකු විදුලිය පිරිවැයක් දැරීමට සිදුවන බව පාර්ලිමේන්තු මූල්‍ය අංශය පවසයි.

Related posts

‘දෙවැනි සටන‘ 27 නුගේගොඩින් ඇරඹෙයි.. අළුත් මුහුණු කිහිපයක් වේදිකාවේ

colombotoday

ශ්‍රී ලංකාවේ ගැටලුව තේරුම් ගන්න තමිල්නාඩු රජය අපොහොසත් වුණා – මුරලිගෙන් හෙළිදරව්වක්

Admin

ආනවිළුන්දාව අභයභූමිය ඩෝසර් කළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි

colombotoday

“බෙදුම්වාදී ව්‍යවස්ථාව සම්මතකරන්න හැදුවොත් පාර්ලිමේන්තුව වටලනවා“ ඥාණසාර හිමි

colombotoday

නව හැවිරිදි දැරියන් දෙදෙනෙකු අපහරණය කළ කැකිරාවේ මව්ලවි අත්අඩංගුවට !

colombotoday

ඉන්දියානු ව්‍යාපාරිකයන්ට ආයෝජන ප්‍රවර්ධන ඇමැතිගෙන් වසර 05කට වීසා

colombotoday