Colombo Today Local News

මත්ද්‍රව්‍ය දී තරුණයන් හොරකමේ යෙදවූ අඹුසැමි යුවල බඩුත් එක්කම මාට්ටු

රුපියල් ලක්ෂ 20 ක් පමණ වටිනා, හොරකම් කරන ලද භාණ්ඩ සමග 60 හැවිරිදි පුද්ගලයෙක් සහ 57 හැවිරිදි ඔහුගේ බිරිඳ බදුල්ල පොලිසිය විසින් අද (23)අළුයම අත්අඩංගුවට ගෙන තිබේ.

බදුල්ල පහලවත්ත පිහිටි ඔවුන්ගේ නිවසේ තිබී සොයාගන්නා ලද මෙම හොරබඩු අතර වෙළඳසැල් වලින් හා නිවාස වලින් සොරකම් කරන ලද, ගෑස් සිලින්ඩර්, ගෑස් ලිප්, විදුලි උපකරණ, රූපවාහිනී යන්ත්‍ර. කැරොකේ සෙටප් , සෙරෙප්පු , හා සංගීත භාණ්ඩ ඇතුළත්ය.

පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ, මෙම අඹුසැමි ‍ යුවල මත්ද්‍රව්‍ ලබා දෙන බව පවසමින් තරුණයන් මෙම හොරකම් සඳහා යොදවා ඇති බවයි.

Related posts

ශ්‍රී ලංකාව ලොව ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත්කළ හැකි – ජනපති

colombotoday

20ට ඡන්ද විමසීම අද

colombotoday

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

පොලීසිය සාගලට, බන්ධනාගාරය ස්වාමිනාදන්ට

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ නායක මහින්ද – සභාපති මෛත්‍රීපාල – මහ ලේකම් බැසිල්

colombotoday

පෝර්ට් සිටිය හදනවානම් ඉන්දියාවෙන් කොන්දේසි දෙකක්!

colombotoday