Colombo Today Local News

ලංවිම හිටපු සභාපති ෆර්ඩිනැන්ඩු අද යළිත් කෝප් කමිටුවට කැඳවයි

ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා අද (23)දින යළි කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.

පසුගිය 10 වැනිදා කෝප් කමිටුව හමුවට පැමිණ කළ ප්‍රකාශයක් හිටපු සභාපතිවරයා පසුව ඉල්ලා අස්කර ගත් අතර ඒ සම්බන්ධයෙන් ඔහු යොමු කළ ලිපිය පසුගිය දා සභාගත කෙරිණ.

එදින කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේ විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපති ෆර්ඩිනැන්ඩු මහතා කියා සිටියේ, මෙගාවොට් 500 ක පුනර්ජනනීය විදුලි ව්‍යපාතීය අදානි සමාගමට ලබාදෙන්නැයි මෝදි අගමැතිවරයා බල කරන බව ජනාධිපතිවරයා තමන්ට ප්‍රකාශ කළ බවයි.

නමුත් පසුව මේ ප්‍රකාශය ඉල්ලා අස්කරගත් ෆර්ඩිනැන්ඩු මහතා කියා සිටින්නේ, මානසික ආතතිය මත එවැනි ප්‍රකාශයක් සිදු කළ බවයි.

පසුව ජනාධිපතිවරයා ද වහා නිවේදනයක් නිකුත් කරමින් ෆර්ඩිනැන්ඩු මහතාගේ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කළේ ය.

කෙසේ වෙතත් පසුව ෆර්ඩිනැන්ඩු මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරයෙන් ද ඉල්ලා අස්විය.

Related posts

විමල් වීරවංශගේ බිරිඳ වසර 02ක් සිරගෙට

colombotoday

ඩිසල් පෙට්‍රල් ඇතිවෙන්න තියෙනවා. – විකිනෙන්නේ අඩුවෙන් – ඉන්ධන පිරවුම්හල් සේවකයින් කියයි

colombotoday

එක්දින තරගාවලියේ ජය බංග්ලාදේශයට

Admin

අධ්‍යාපන කාර්යාලයක වැසිකිළියක මළ සිරුරක්

Admin

මගේ දරුවට ටියුෂන් වෙනුවෙන් මාසෙකට රු. 65000ක් වියදම් වෙනවා

colombotoday

පෞද්ගලික රෝහලකින් පැන්න කොවිඩ් රෝගියා හමුවෙයි

colombotoday